Friday, April 19, 2024

අකුරු අකැප වයඹ දරුවෝ

Must read

no_school_childවයඹ පළාතේ පාසල් යායුතු වයස අවුරුදු 5ත් 14ත් අතර දරු දැරියන් 741 ක් විවිධ හේතුන් මත නිවෙස්වල සිටින බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී ඇත.

පවුලේ ආර්ථික දුෂ්කරතා, සමාජීය ප‍්‍රශ්න, ද්‍රරිද්‍රතාවය, නිවසේ සිට පාසල් සදහා දුර ප‍්‍රමාණය වැඩිකම, සෞඛ්‍ය හේතුන් ඇතුලු ප‍්‍රශ්න නිසා මෙම දරුවන් පාසල් නොයන බවත්, ඔවුන්ගේ ගැටලු හදුනා ගෙන නැවත පාසල් අධ්‍යාපනයට යොමු කිරිමට වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, නොවිධිමත් හා අධ්‍යාපන මාර්ග උපදේශනය පිළිබ`ද ඒකකය පියවර ගනිමින් සිටින බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජි.ජේ.එන්. තිලකරත්න මහතා පැවසීය.

වසරකට වයඹ පලාතේ පාසල් 1,247ට පලමු ශ්‍රේණිය සදහා නවක සිසුන් 37,000ක් 38,000ක් අයදුම් කරන බව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. වයඹ පළාත වර්ග කි.මි. 7826ද කි.මි. 271ක් දිග මුහුදු තීරයකින්ද, ජනගහනය මිලියන 2.21කි. කුරුණෑගල හා පුත්තලම් දිස්ත‍්‍රික්ක දෙක තුළ අධ්‍යාපන කලාප 08ක පළාත් සභා පාසල් 6295ක් හා ජාතික පාසල් 841ක් සිසුන් 486,910ක් අධ්‍යාපනය ලබයි. ගුරුවරුන් 27,130ක්. මිට අමතරව පිරිවෙන්, උපකෘත පාසල්, විශේෂිත පාසල්, රජයේ ආධාර ලබන පාසල් හා පෞද්ගලික පාසල් වලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් ඉගනුම ලබයි.

විවිධ කායික රෝගාබාධ නිසා කිසි දිනක, කිසිම පාසලකට ඇතුළත් නොකළ දරුවන්ද සිටින බව දිස්ත‍්‍රික් සංඛ්‍යාලේඛඥයින් පවසයි. අතරමග නවතින සිසුන්ද විශාල පිරිසක් මේ අතර සිටියි. ඔවුන්ට ඇදුම්, පාවහන්, පොත් පත් හා වෙනත් දුෂ්කරතා මත පාසල් නොයන බව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිළධාරින් සමාජ සේවා හා ආර්ථික සංවර්ධන නිළධාරින් මගින් කළ සමික්ෂණ වලින් හෙලි වී ඇත. එම පවුල් වල දරුවන් පාසැල් යැවිමට පියවර ගනිමින් සිටියි.

රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘‘අනිවාර්ය අධ්‍යාපන නියෝග චක‍්‍රලේඛයට’’ අනුව මෙරට සෑම පවුලකම සිටින වයස අවුරුදු 5 සම්පුර්ණ වු අවුරුදු 14 සපිරි දරුවන් පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වේ.

වයඹ පළාතේ පරිපාලන දිස්ත‍්‍රික්කය ලෙස කුරුණෑගල කේන්ද්‍ර කර ගෙන සියලු පළාත් රාජ්‍ය සේවා ක‍්‍රියාත්මක වේ. ඒ අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ අධ්‍යාපන කලාප 6ක පාසල් 864ක් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල 22ක්, ගුරුවරුන් 19,994ක්, සිසුන් 325,687ක් දැනට 1 වසර සිට උසස් පෙළ පංති දක්වා සිංහල, දෙමල හා ඉංග‍්‍රීසි මධ්‍යයෙන් ඉගෙනුම ලබයි.පුත්තලම දිස්ත‍්‍රික්කයේ අධ්‍යාපන කලාප දෙක කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල 09ක අධික්ෂණය යටතේ පාසල් 361ක්, ගුරුවරුන් 7,136ක් යටතේ සිසුන් 161,223ක්, පළමු වසරේ සිට උසස් පෙළ දක්වා සිංහල, දෙමල හා ඉංග‍්‍රීසි මධ්‍යයෙන් ඉගෙනුම ලබයි. ගුරු හිගය තදින් බලපාන වයඹ පලාතේ කුරුණෑගල අධ්‍යාපන කලාපය හැර අනිකුත් කලාප 7ට ගුරුවරුන් 3,500ට ආසන්න ගුරු හිගයක් පැවැතීමත් සිසුන් පාසල් නොයන්න හේතුවක් වී ඇත.

බොහෝ ග‍්‍රාමීය පාසල් වැසී යෑමේ තර්ජනයට ලක් වී තිබේ. ඊට හේතු වී ඇත්තේ ගුරු හිගය, සම්පත් අඩුකම, ගමන් අපහසුතා, නගරයේ පාසල් වලට ඇති පහසුකම්, දක්ෂ ගුරුවරුන්, ඉ‍ගෙනුම්, ඉගැන්වීම්, උපකරන, මෙවලම් අඩුකම නිසාත්, යමක් කමක් ඇති දෙමාපියන් තම දරුවා ජනප‍්‍රිය නගරයේ මහා විදුහල්, ජාතික පාසල් වලට ඇතුලත් කිරිමට පියවර ගැනිම ග‍්‍රාමීය පාසල් වැසි යෑමත්, අසරණ දුගී පවුල් වල දරුවන්ට යන්න පාසලක් ආසන්නයේ නොතිබිමත්, පාසල් යායුතු වයසේ දරුවන් පාසල් හොයන්න හේතු වී ඇති බව මා කල නිරික්ෂණ වලදී හෙලි විය.

කුරුණෑගල                               පුත්තලම
පළාතේ ජාතික පාසල්                               28                                             02
1-AB පාසල්                                            29                                              09
1-Cපාසල්                                               206                                             64
2- වන ශ්‍රේණියේ පාසල්                          390                                             63
3- වන ශ්‍රේණියේ පාසල්                           211                                             30

ලෙස (ශ්‍රේණිගත )වර්ගීකරණය කර තිබේ.

2015 අගෝස්තු මස 31 වන දින වන විට වයස අවුරුදු 5 – 14ත් අතර පාසල් නොයන දරුවන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ 449ක් ද, පුත්තලම 292 ක්ද වශයෙන් හදුනා ගෙන තිබේ. පාසල් ගොස් අතරමග නැවතුන අය 440ක්, සාක්ෂරතා පංති වලට සිසුන් 130ක්, විශේෂ අධ්‍යාපනයට 16ක් වශයෙන් හදුනා ගෙන ඔවුන් නැවත පාසල් ගත කරන්න පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටියි.කිසිම දිනක පාසල් නොගිය දරුවන් කිහිප දෙනෙක් සිටියත් ඔවුන් පිළිබද ගන්නා තීරණ පැහැදිලි නැත.

පළාත් ආයෝජන යටතේ සිසුන්ට සපත්තු ලබා දිමට ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් පාසල් වලින් සුදුසු සිසුන් තෝරා එවන ලෙසද දන්වා ඇති බව ග‍්‍රාමිය පාසලක විදුහල්පතිවරයෙක් පැවැසීය. සිසු සුභ සාධන ඇගයීම්, වෘත්තිය පුහුණු, ක‍්‍රිඩා ඇතුලු විෂය බාහිර කටයුතු සදහා දරුවන් යොමු කර ඔවුන්ගේ දක්ෂතා කුසලතා මත ඉදිරියට යන්න හැකි පරිසරයක් ගොඩනැගිය යුතු බව රාජ්‍ය නිළධාරින්, දෙමාපියන් හා ග‍්‍රාමීය ප‍්‍රභූවරුන් ගෙන් කළ විමසුමක දී පැවැසීය.

‘‘මහත්තයෝ අපි ගම්වල එදිනෙදා කුලියක් මලියක් කර, කියක් හරි සොයා ගෙන, දරු පවුල් රකින්නේ . ඉතිං අපේ දරුවෝ නගරයේ ලොකු – ලොකු විදුහල් වලට යවන්න බැහැ. ළගම තියෙන විදුහලට තියෙන එකක් ඇදගෙන පයින්ම යවනවා. දැන් මෙම විදුහලත් වැසිගියෝත් අපේ පවුල් දෙක තුනක දරුවෝ ගෙදර තමා තියා ගන්න වෙන්නේ. අපි සමග කුලි වැඩකට යන්න තමා සිද්ධ වෙන්නේ.’’ යැයි වීරඹුගෙදර ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, යාලව ග‍්‍රාම නිළධාරි වසමේ, රුක්අත්තන ජනපදයේ වැසියෙක් පැවසීය.

දරුවන් පාසල් යවන්න නොවිදිනා දුක් විදින, දෙමව්පියන් රැසක් අපට මෙහිදි හමු විය. පාසල් නිල ඇදුම්, සපත්තු, ආහාර, ගමන් අපහසුතා පිළිබදව බලධාරින්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ගුණරත්න ලියනආරච්චි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article