Thursday, April 18, 2024

වැස්ස හලාවත රෝහල වස්සවයි.

Must read

ඇදහැලෙමින් පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලේ වාට්ටු සහ ප්‍රතිකාර ඒකක ගණනාවක් ජලයෙන් යටවීම නිසා එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීහු වෙනත් රෝහල් වෙත මාරුකර යැවීමට ඊයේ (13 දා ) සිදු විය.

ඊයේ ( 13 දා ) පස්වරුව වන විට හලාවත මහ රෝහලේ අංක 4, 5 සහ 16 යන වාට්ටුවල මෙන්ම ලේ බැංකුව සහ ඖෂධ ගබඩාව තුළටද ජලය ගලාඒම නිසා එම ස්ථානවලින් රෝගීන් හා කාර්ය මණ්ඩලය ඉවත්කර එම ස්ථාන වසාදැමීමට රෝහල් බලධාරීන් විසින් කටයුතු කළහ. අදාළ වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීහු රෝහලෙන් නිදහස් කර නිවෙස්වලට යවා ඇති අතර, තවත් රෝගීහු පිරිසක් මාරවිල සහ කුලියාපිටිය යන මුලික රෝහල්වලට මාරු කර යවනු ලැබූහ.

ප්‍රදේශයේ විදුලිය සැපයීමද පැය ගණනාවක් තිස්සේ විසන්ධිව වී තිබීම නිසා හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අසාධ්‍ය තත්ව‍යේ පසු වූ රෝගීහු පිරිසක් ඊ‍යේ රාත්‍රියේදී කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබූහ.

වාට්ටුවලට අමතරව රෝහ‍ලේ අභ්‍යන්තර ගමනාගමන කටයුතු සදහා යොදාගන්නා කොරිඩෝවන් ගණනාවක්ද ජලයෙන් යට වී තිබූ අයුරු දැක ගත හැකි විය.

රෝහලට උතුරු දෙසින් පිහිටි වීවර්ස් මාවතේ පැති කාණු අවහිර වී තිබීම නිසා එම කාණුවලින් උතුරා යන ජලයද රෝහල් පරිශ‍්‍රයට ගලාඒ‍මෙන් රෝහලේ ගංවතුර තත්වය ඉහළ යාමට හේතු වූ බව රෝහල් බලධාරීහු කියති.

පසුගිය කාලයේදී හලාවත රෝහල තුළ සංවර්ධන කටයුතු ගණනාවක් සිදු වූ නමුත් එම සංවර්ධන කටයුතුවලදී වැසි ජලය ගලායාමට නිසි කාණු පද්ධතියක් සකස් නොකිරීමෙන් හලාවත රෝහලට මෙවැනි ඉරණමක් අත් වූ බව ප්‍රදේශවාසීහු කියති.

වැසි ජලයෙන් යට වී ගිය හලාවත රෝහල් පරිශ‍්‍රය සහ රෝහල් කොරිඩෝවක් ඡායාරූපවලින් දැක්වෙයි.

හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දුchilaw_hospital chilaw_hospital1 chilaw_hospital2

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article