Saturday, April 20, 2024

කිඹුල්වානාඔය ජලාශයේ ගිලුණු ධීවරයාගේ සිරුර උඩ මතුවෙයි.

Must read

මැල්සිරිපුර, කිඹුල්වානාඔය ජලාශයෙහි මසුන් ඇල්ලීමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ බව කියන ධීවරයා‍ගේ මළසිරුර දිය මතුපිට පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් අද උදෑසන ‍ගොඩට ගනු ලැබූහ.

පෙරේදා (22 දා ) පස්වරුවේ දියේ ගිලුණු මෙම ධීවරයාගේ සිරුර සොයාගැනීම සදහා ඊයේ දිනය පුරා නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා ජලාශය දැඩි පරීක්ෂාවකට ලක්කළ නමුත් සවස්වනතෙක්ම සිරුර හමුනොවීම නිසා සෙවීම් කටයුතු අත්හැර දමන්නට සිදු විය.

ඉහළ විසිදකේ බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. එස්. කේ. දහනක මහතා ඉදිරිපිටදී මළසිරුර ගොඩට ගනු ලැබූ අතර මියගිය පුද්ගලයා පිළිබද හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවනු ලැබීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article