Thursday, March 28, 2024

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පහසුකම්වලින් වයඹටත් වෛද්‍ය පීඨයක් ඉල්ලයි.

Must read

hospitalකුරුණෑගල, ගෙපල්ලව ප‍්‍රදේශයේ දැනට වෙන් කර ඇති ඉඩමද ප‍්‍රයෝජනයට ගනිමින් වයඹ විශ්ව විද්‍යාලය සදහා වෛද්‍ය පීඨයක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බවට වූ යෝජනාවක් වයඹ පළාත් සභා රැස්වීමේදී පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කළහ.

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ආර්. එම්. එම්. රත්නායක මහතා (ප‍්‍ර. ප ) විසින් වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කර තිබූ මෙම යෝජනාවෙහි මෙලෙස සදහන් විය.

”වෛද්‍යවරුන්ගේ හිගයක් දිවයින පුරා රෝහල්වල පවතින බව වාර්තා වෙයි. වෛද්‍යවරුන් බිහිකිරීම අප රටේ විශ්ව විද්‍යාලවල වගකීමක්ව පවතී. ඒ අනුව වයඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව වෛද්‍ය පීඨයක් ඇතිකිරීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අවශ්‍ය සියලූ පහසුකම් පවතින හෙයින්, දැනට ඒ සදහා වෙන්කර ඇති ගෙපල්ලව ප‍්‍රදේශයේ පිහිටි ඉඩමද ප‍්‍රයෝජනයට ගෙන කඩිනමින් වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කිරීම කඩිනම් කළ යුතු යැයි මෙම සභාව යෝජනා කරයි. ” යනුවෙනි.

මෙම යෝජනාව විවාදකිරීමෙන් අනතුරුව සම්මත කිරීම සදහා පැවැති ඡුන්ද විමසීමේදී වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සියඵ දෙනා අත් ඔසවා ඊට සහය පළකිරීම විශේෂත්වයක් විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article