Friday, March 29, 2024

කල්පිටි‍යේ එළවළුත් කාලා හමාරයි !

Must read

නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් තම වගා බිම්වල වගා කර තිබු එළවළු හා පළතුරු වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට කල්පිටිය අර්ධද්විපයෙහි ගොවිතැන් කටයුතුවල යෙදී සිටින ගොවීහු මැසිවිලි නගති.

වගා බිම්වලට එක් රැස් වී ඇති ජලය බැස නොයාම හේතුවෙන් කල්පිටිය අර්ධද්විපයෙහි වගාකර තිබූ අක්කර දහසකට වැඩි වගා බිම් ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව ගොවීහු කියති. මේ අතරින් වැඩි හානි සිදු වී ඇත්තේ දළුව , සේතපොල, කට්ටකඩුව , පෙරුකුවටාන , කරඹ යන ගම්මානවල තිබූ වගාවන්වලටය.

දළුව ප්‍රදේශයේ ළුළවළු ගොවියෙකු වන වන ජි . ගනේෂ්වරම් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“මේ පාර වැස්සන් අපි අනාථ වුනා . දින තුනක් එක දිගට මහ වැස්ස වැහැලා ඒ වතුර බැහැලා යන්න තැනක් නැති හින්දයි මේ ඔක්කොම ප්‍රශ්ණ. නිසියාකාරයෙන් ජලය බැසයන්න කාණු පද්ධතියක් තිබුනා නම් මේ වගේ ප්‍රශ්ණයක් ඇතිවෙන්නේ නැහැ. ගොවින්ට කෝටි ගනනක් පාඩු වෙලා. ඒ ගැන බලන්න කිසිම කෙනෙක් නෑ. අපි අතේ කරේ තිබ්බ ඒවා උකස් කරලා, පොලියට සල්ලි අරගෙන තමයි වගා ක‍ළේ. ”

පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩි.එම්.එම්. දිසානායක මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම මෙසේ පැවසීය.
“මේ පාර මහ වැස්සට රට පුරා වගාකරලා තිබුණු එළවළු වගේම පළතුරුත් විනාශ වෙලා තියෙනවා . ඒ එක්කම කල්පිටියත් හානි තියෙනවා . ඒ ප්‍රමාණය අක්කර 1000 ක් විතර වෙනවා කියලා තමයි දැන ගන්න තියෙන්නේ, යැයි පැවසිය.

සටහන සහ සේයාරූ
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
kalpiti_elawalu3 kalpiti_elawalu4 kalpiti_elawalu2 kalpiti_elawalu1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article