Friday, April 19, 2024

රිය අනතුරක් – අඩපණ කළ ජීවිත දෙකක් – අයදී ඔබෙන් පිහිටක්.

Must read

පසුගිය වෙසක් පොහොය දිනයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් බරපතල ලෙස තුවාල ලබා ආබාධිත තත්වයට පත් වී සිටින පුත්තලම, තබ්බෝව, තේවනුවර ලිපිනයේ පදිංචි එච්. ඒ. පී. රම්‍යලතා මහත්මිය සහ ඇගේ දියණිය ඔවුන්ගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සදහා දානපතීන්ගේ සහ පරිත්‍යාගශිලීන්ගේ කාරුණික උපකාරය බලාපොරොත්තු වෙයි.

වෙසක් සිරි නැරඹීම සදහා තවත් පිරිසක් සමග අත් ට්‍රැක්ටරයකින් යමින් සිටියදී තබ්බෝව,7කණුව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් එම අත් ට්‍රැක්ටරයෙහි ගමන්කරමින් සිටි රම්‍යලතා මහත්මිය සහ ඇගේ දියණිය බරපතල ලෙස තුවාල ලබා තිබේ.

එම අනතුර හේතුවෙන් රම්‍යලතා මහත්මියගේ වම් අතෙහි උරහිස් අස්ථිය සහ වම් පාදයේ ස්ථාන රැසක් කැඩී ගොස් ඇති බවත්. ඇගේ පෙනහලු සම්පූර්ණයෙන්ම හැකිලී ඇති බවටත් වෛද්‍යවරුන් විසින් නිගමනය කර තිබේ.

අනතුර මුහුණ පෑ ඇගේ 16 හැවිරිදි දියණියද මේ වන විට කම්පන තත්වයකින් පසුවන අතර, ඇගේ වම් කණෙහි ශ්‍රවණ දෝෂයක් සහ මොළය කරා දිවෙන රුධිර නාල අවහිරවීමක්ද සිදුව ඇති බවද වෛද්‍යවරු කියති.

දැඩි ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් මේ වන විට 10 වැනි වසරෙහි ඉගෙනුම ලබමින් සිටින තම දියණියගේ අධ්‍යාපන කටයුතු පවා අතරමග නවතා දැමීමට සිදුවන තත්වයකට පත් වී ඇති බව රම්‍යලතා මහත්මිය කියයි.

පුත්තලම මූලික රෝහලෙහි මාස හයක පමණ කාලයක් තිස්සේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ නමුත් ඔවුන්ගේ රෝගී තත්වයන් මේ වන තෙක් සුව අතට හැරී නැති බවත්, එම රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගැනීම සදහා මසකට විශාල මුදලක් අවශ්‍ය වන බවත් කියන රම්‍යලතා මහත්මිය තම සැමියා මීට වසර 09 කට පමණ පෙර තමා සහ දියණිය අතහැර යෑම නිසා තමන් කාගේ හෝ පිළිසරණක් නැති දැඩි අසරණ තත්වයකට පත් වී සිටින බවද කියන්නීය.

කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් හෝ ස්ථීර වාසස්ථානයක් පවා නොමැතිව අන්ත දුක්ඛිත තත්වයකට පත් වී සිටින රම්‍යලතා මහත්මියට සහ ඇගේ දියණියට සුඵ හෝ උපකාරයක් කිරීමේ හැකියාවක් ඔබට ඇති නම් ලංකා බැංකුවේ පුත්තලම ශාඛාවේ ගිණුම් අංක 3943194 ඒ සදහා යොදාගත හැකිය.

රම්‍යලතා මහත්මිය ඇමැතීමට අවශ්‍ය නම් 0728003788 යන දුරකථන අංකය ඔස්සේ ඇය ඇමැතිය හැකිය.

වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන / තිලක්ෂි කෞෂල්‍යා

donatoin2 donatoin1 donatoin3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article