Breaking News

මහින්දගේ කරදර ගැන – වයඹ මහ ජරමර !

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට කැදවීමට විරෝධය පළකරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැද විරෝධතාවයක යෙදීම නිසා අද (21 දා ) පැවැති වයඹ පළාත් සභා රැුස්වීම අතරමැදදී මැයි 5 වැනිදා දක්වා කල් තැබීමට සිදු විය.

වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ‘සශ‍්‍රී’ ශාලාවේදී අද පෙරවරු 9. 30 ට පමණ සභා රැස්වීම ආරම්භ කෙරිණි. පළාත් සභාව ආරම්භයේදී වයඹ පළාත් සභවේ හිටපු මන්ත‍්‍රීවරුන් දෙපළක් වන එච්.බී. අබේරත්න සහ ඞී.එම්. චන්ද්‍රතිලක යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබද ශෝකය පළකිරීමේ යෝජනාවක් විවාදයට ගත් අතර පැය එක හමාරකට ආසන්න කාලයක් තිස්සේ පැවැති එම විවාදය නිමාවීමෙන් පසුව එළඹුනේ අමාත්‍යවරුන්ගේ ප‍්‍රකාශ අවස්ථාවයි. එහිදී නැගී සිටි වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට කැදවීමට වයඹ පළාත් සභාවේ විරෝධය පළකරන බව පැවසීය. මෙහිදී විපක්ෂ මන්ත‍්‍රීවරුන් ප‍්‍රධාන අමාත්‍යවරයාට බාධා කරමින් කෑ කෝ ගසන්නට වීම නිසා ඒ අවස්ථාවේදී සභා රැස්වීම එකම කාලගෝට්ටයක් බවට පත්විය. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රකාශය අතරතුරේදී සිය අසුන්වලින් නැගී සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් ෆයිල් කවර ලෙස සකස් කරගෙන සභාවට ගෙනැවිත් තිබූ විරෝධතා පුවරු රැගෙන සභා ගර්භය මැදට පිවිසියහ.  ”ජාතියේ පියා යමපාලනයෙන් ගලවා ගනිමු.” ”යහපාලන වෙස් මූණ ගලවමු.” ”අල්ලස් කොමිසම අල්ලසට යට වෙයි.” සහ ”දින සියයේ පළිගැනීම් වහා නවතනු. ? ” ආදී වැකි ලියූ විරෝධතා පුවරු ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විපක්ෂය දෙසට ප‍්‍රදර්ශණය කරමින් ඝෝෂා කරන්නට වූ අතර එහිදී විපක්ෂ නායක ජේ.සී. අලවතුවල , විපක්ෂ මන්ත‍්‍රී ශමල් සෙනරත් සහ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුඵ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු අතර උණුසුම් වචන හුවමාරු සිදු වන ආකාරයද දැකගත හැකි විය. මේ අවස්ථාවේදී පළාත් සභා මහජන ගැලරියේ රැදී සිටි පිරිසක් විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට සහය පළකරනු වස් මහජන ගැලරියේ සිට අත්පොළසන් දෙමින් සහ කෑකෝ ගසමින් අශෝභන අයුරින් හැසිරෙන්නට වූහ.

කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ ගාලගෝට්ටිය මැදම තේ පානය සදහා සභා රැස්වීම කල් තැබූ ධර්මසිරි දසනායක මහතා මුලාසනයෙන් ඉවත් වී ගිය අතර සභා සේවකයින් විසින් සෙංකෝලයද සභාවෙන් ඉවත් කරගනු ලැබීය. අනතුරුව තවත් විනාඩි දහයකට ආසන්න කාලයක් සභා ගර්භය මැද කාලගෝට්ටි කරගත් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ද සභාවෙන් ඉවත් වී ගියහ.

පසුව වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුඵ ආණ්ඩු පක්ෂ  මන්ත‍්‍රීවරුන් විසින් පළාත් සභාවේ මන්ත‍්‍රී භෝජනාගාරයට යාබදව පිහිටි සාකච්ඡා කාමරයකදී සිය විරෝධතාවයට හේතු වූ කරුණු පිළිබදව පැහැදිලි කිරීම සදහා හදිසි ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබූ අතර වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතාද එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට වාඩි වී සිටීම විශේෂත්වයක් විය. නීතිය සියඵ දෙනාටම එක සමාන විය යුතු බවත්, මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉලක්ක කරගෙන සිදුකරන හිරිහැරකිරීම් සහ පළිගැනීම්වලට එරෙහිව ඉදිරියේදීත් මෙවැනි විරෝධතාවයන් සිදුකරන බවද පැවසීය. එම ප‍්‍රවෘත්ති සාකච්ඡාව නිමාවී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් එම කාමරයෙන් පිටවී යනවාත් සමගම එම ස්ථානයට පැමිණි වයඹ විපක්ෂ නායක ජේ. සී. අලවතුවල ඇතුඵ විපක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් තමන්ටද මාධ්‍යයට අදහස් දැක්වීමට අවශ්‍ය බව පවසමින් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් සදහා වාඩි වූහ. එහිදී වයඹ විපක්ෂ නායක ජේ. සී. අලවතුවල මහතා පැවසුවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ මෙම විරෝධතාවය පළාත් සභා රැුස්වීමට පෙර කුරුණෑගල නගරයේ වෙනත් ස්ථානයක පවත්වන්නට සැලසුම් කරගෙන සිටි නමුත්, ඊට සහභාගීවීමට පැමිණ සිටියේ දසදෙනෙකු පමණක් වීම නිසා එම විරෝධතාවය අවලංගු කරන්නට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට සිදු වූ බවයි. ලැජ්ජාවෙන් ගැලවීම සදහා එම විරෝධතාවය පළාත් සභාව තුළ පවත්වන්නට පසුව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් සැලසුම් කළ බවත්,  මහජන ගැලරියේ සිට අත්පුඩි ගසමින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට සහය දැක් වූයේ අවලංගු කළ විරෝධතාවයට සහභාගීවීමට පැමිණි සිටි දස දෙනා බවත් හෙතෙම පැවසීය. සභාව තුළ ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කළ යුතු වයඹ පළාත් සභාවේ සභාපතිවරයා ආණ්ඩු පක්ෂයේ විරෝධතාවය සාධාරණීකරණය කරනු පිණිස පැවැත් වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට වාඩි වීම තරයේ හෙළාදකින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් තේ විවේකයෙන් පසුව දහවල් 12 ට පමණ වයඹ පළාත් සභාවේ කටයුතු යළි ආරම්භ කෙරුණු නමුත් තේ විවේකයෙන් පසුව සභාවට පැමිණ සිටියේ මන්ත‍්‍රීවරුන් සත් දෙනෙකු පමණි. සභාපතිවරයාගේ නියෝගය මත , මන්ත‍්‍රීවරුන් කැදවීමේ සීනුව සභා සේවකයින් විසින් අවස්ථා කිිපයකදීම නාද කළ නමුත්, වෙනත් කිසිම මන්ත‍්‍රීවරයෙකු සභාවට පැමිණියේ නැත.  සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සදහා සභානායක සුමල් තිසේරා මහතා පවා සභාවේ නොසිටි බැවින් මන්ත‍්‍රී ගණපුර්ණය නොමැතිවීම හේතුවෙන්  මැයි මස 05 වැනිදා පෙරවරු 9.30 දක්වා සභාව කල් තබන බවට නිවේදනය කළ සභාපති ධර්මසිරි දසනායක මහතා මූලාසනයෙන් ඉවත් වී යාමත් සමග වයඹ පළාත් සභා රැස්වීමද නිමාවට පත් විය.

එම වි‍රෝධතාවයේ තවත් සේයා රෑ පහතින්…..

12

03

07

08

11

11

08\

About meepurawayamba

Check Also

ltte_bombs_1

එල්ටීටීඊය වළ දැමූ අතීතය නාවික හමුදාවෙන් ගොඩ ගනී !

එල්ටීටීඊ සාමාජිකයින් විසින් මන්නාරම, පාප්පමොටෙයි ප‍්‍රදේශයේ කැලෑබද පෙදෙසක වළ දමා සගවා තිබු බවට සැකකෙරෙන බෝම්බ ...