Tuesday, April 23, 2024

බර ඉසිලීමේ ක්‍රීඩක චින්තක ගීතාල්ගේ ‘දුප්පත් ‘උපන්දින සාදය.

Must read

අපේ රටේ බර ඉසිලීමේ ක්‍රීඩාව ලෝකයේ මුදුනතට ඔසවා තබන්නට සමත් වූ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තක ගීතාල් විදානගේ ඊයේ ( 31 දා ) සිය 34 වැනි උපන්දිනය සමරනු ලැබුවා.

චින්තක ගීතාල් විදානගේ යනු අද වන විට ජාත්‍යන්තරය පවා හොදින් දැන හදුනන නමක් වුවත් ‘විදා ‘ විසින් ඊයේ සිය උපන්දිනය සමරනු ලැබුවේ ඔහු දෛනික පුහුණුවීම් කරනු ලබන කුරුණෑගල මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පිහිටි කුඩා කාමරයකදීයි.

විදා වෙනුවෙන් එම උපන්දින සැමරීම පවා සංවිධානය කර තිබුණේ බර ඉසිලීමේ ක්‍රීඩා පුහුණුකරු රුක්ෂාන් ගුණතිලක සහ එහි පුහුණුවීම් කරන සහෝදර ක්‍රිඩකයින් පිරිසක් විසිනුයි.

බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ලක් මව බබලවන්නට සිය දහදිය, මහන්සිය කැප කළ විදාට මුහුණ දෙන්නට සිදු වූ අනපේක්ෂිත තරග තහනමින් පසුව පසුගිය වසරේදී යළි ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන්නට වරම් ලැබූනා. නමුත් මේ වන විට විදා විසින් සිය පුහුණුවීම් කටයුතු කරගෙන යනු ලබන්නේ ස්ථිර පුහුණුකරුවෙකු හෝ අනුග්‍රාහයකයෙක් හෝ නොමැති දැඩි දුෂ්කරතා මැදයි.

එවැනි කටුක අත්දැකීම් විදිමින් සිටින විදා යම් තරමකින් හෝ දිරිගන්වනු පිණිස සෙසු ක්‍රීඩකයින් විසින් විදා වෙනුවෙන් සංවිධානය කළ ‘දුප්පත් ‘උපන්දින සාදයේ ඡායාරෑප කිහිපයක් මුහුණුපොතේ සැරිසරමින් තිබියදී හමු විය.

බරක් නොව රටක් ලොවේ ඉහළට එස වූ උඹේ දෑත් තව තවත් සවි ගැන්වෙන සුබ උපන්දිනයක් වේවා විදා !
vida 1 vida 2 vida 3 vida 4 vida 7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article