Tuesday, April 23, 2024

යට ඇදුම අස්සේ හංගාගෙන කුලියාපිටියේ කඩයකින් මහ දවාලේ ලක්ෂ දෙක හමාරක් ඉස්සූ හැටි ! ( සිසීටීවී දර්ශණ )

Must read

කුලියාපිටිය නගරයේ පිහිටි යතුරුපැදි අලෙවිසැලක අයකැමි ලාච්චුවට අත දමා එහි තිබූ රුපියල් දෙලක්ෂ තිස් අට දහස් පන්සියයක මුදලක් සොරාගත් අයෙකු එම වෙළදසැලේ සවිකොට තිබූ සිසීටීවී කැමරා දර්ශන ඔස්සේ හදුනාගැනීමෙන් පසුව කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන එකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ අරුණ ජනිත් කුරුකුලආරච්චි නැමති උඩුබද්දාව ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

තමන් යතුරුපැදියක් මිලදී ගැනීමට පැමිණි බව අගවමින් සැකකාර තරුණයා දිගු වේලාවක් තිස්සේ මෙම වෙළදසැල තුළ රැදී සිට ඇති බව අයුරු අදාළ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබේ. ඒ අතරවාරයේදී වෙනත් අයෙකුට යතුරුපැදියක් අලෙවිකිරීමෙන් ලැබූ මුදලක් එම අලෙවිසැලේ සේවකයෙකු විසින් ලාච්චුවට දැමූ පසුව සැකකරු විසින් එම මුදල සොරාගෙන යට ඇදුමෙහි සගවාගනිමින් පිටවී යන ආකාරය ඉතා පැහැදිලිව එම සිසීටීවී කැමරා දර්ශණවල දැකගත හැකිය.

අදාළ වෙළදසැලේ හිමිකරු විසින් කළ පැමිණිල්ලකට අනුව සිසීටීවී දර්ශණ නිරීක්‍ෂණය කර සැකකරු හදුනාගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය හමුවේ වරද පිළිගැනීම නිසා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇපයක් මත සැකකරු මුදාහරින ලෙසට නියෝග කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා දඩුවම් නියමකිරීම සදහා සදහා මෙම නඩුව ජනවාරි 18 වැනිදා යළි කැදවීමට නියම කළේය.

කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හැරිසන් සෝමසිරි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ධර්මසිරි (29269) , ජයසූරිය (31575) සහ පොලිස් කොස්තාපල් රණසිංහ (49754 ) යන නිලධාරීහු විසින් සැකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article