Thursday, March 28, 2024

වෙන්නප්පුවේ ආරක්ෂාව වෙනුවෙන් සංගණනයක් ?

Must read

protectionපොලිස් මූලස්ථානයේ සිවිල් ආරක්ෂක කොට්ඨාශයේ උපදෙස් පරිදි වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයට අයත් සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි එහි ජීවත්වන සියලුම පදිංචි කරුවන්ගේ දත්ත එක් රැස් කිරිමේ වැඩසටහනක් අරම්භ කර ඇතිබව වෙන්නප්පුව පොලිස් සිවිල් අරාක්ෂක කමිටු භාර නිළධාරි උප පොලිස් පරික්ෂක ජයමහ මහතා පවසයි මේ අනුව වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ මග පෙන්වීමෙන් සියලුම සිවිල් අරාක්ෂක කමිටු භාර පොලිස් නිළධාරින් හරහා එම පත්‍රිකා සියලුම නිවෙස් වලට බෙදා හරිමින් සිටින බවත් එය කිසිදු බාහිර පුද්ගලයන්ගේ මැදිහත්වීමකින් තොරව සෘජුවම පොලිස් නිළධාරින් මාර්ගයෙන් පමණක් ඉතා විස්වාසදායි ලෙස සිදු කරන බව ඔහු කීය මෙම සංඝණය තුලින් ප්‍රදේශයේ අරක්ෂාවට මූලික තැනක් ලැබෙන බවත් මෙහිදි ප්‍රදේශයට පිටතින් පැමිණෙන පුද්ගලයන් ගැන තොරතුරු ලබාගත් හැකිවීම හා එම තොරතුරු පොලිසිය තුල තිබිමෙන් ජනතාවගේ යහපත වෙනුවෙන් විශාල කාර්‍යබාරයක් කල හැකිබව උප පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් කීය පසුගිය කාලයන්හි සිදුවුන අපරධයන්හි බොහෝ සැකකරුවන් පිටතින් එම ප්‍රදේශවලට පැමිණි අය වීම දක්නට ලැබුණ තත්වයක් බවත් මෙම සංඝණනය තුල අපරාධ මැඩලීමට හා අපරාධ කරුවන් හඳුනා ගැනිමට විශාල මෙහෙවරක් වන නිසා එම සිවිල් අරාක්ෂක කමිටු බාර නිළධාරින්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් ජයමහ මහතා ඉල්ලා සිටි
චන්දන ප්‍රනාන්දු -වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article