Wednesday, April 24, 2024

පුත්තලමේ ශ්‍රිලනිප තරුණ අපේක්ෂිකාව ජිවනි නම් එජාපේ තරුණ අපේක්ෂකයා කව්ද ?

Must read

jeewanijeewani 3පසුගිය මැතිවරණ සමයේදි කැපි පෙනෙන තරුණ දේශපාලන ක්‍රියාකාරිණියක් ලෙසින් ශ්‍රිලනිප නියෝජනය කරමින් සමාජයට පිවිස ජිවනි කාරියවසම් මෙනවිය මෙවර පුත්තලම් දිස්ත්‍රික්කයේ තරුණ ඡන්ද ආකාර්ශනය කර ගැනිම සදහා පක්ෂය විසින් යොදාවන්නට බොහෝ ඉඩ තිබේ.
ඒ මෙවර මැතිවරණයේදි පුත්තලම් දිස්ත්‍රික්කය තුල තරුණ ඡන්දය සුවිශේස වි ඇති බැවිනි.
ශ්‍රිලනිප සටන එසේ පෙරට එද්දි එජාප ලයිස්තුවට ජවසම්පන්ත තරුණ දේශපාලනඥයෙකු යොදාගැනිමට සුදානම් ඇතිදෝයි යන සැකයක් මතුව ඇතැයි එජාපයට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.
දැනට වාර්ථා වන අන්දමට පෙලගැසෙමින් ඇති ලයිස්තුවේ උගත් ප්‍රතිපත්ත ගරුක තරුණ අපේක්ෂකයෙකු නැත.නිරෝෂන් පෙරේරා යනු විවාහ පත්වි දිගයද අතහැර ගිය තරුණ කමද අතරිමින් සිටින අයෙකි. එබැවින් ඔහුට කිසිසේත්ම තරුණයන් ආකර්ශනය කිරිමේ ඉඩක් මෙවර පුත්තලම් දිස්ත්‍රික්කය තුල නැත.වාර්ථා වන අන්දමට තරුණයන් කෙසේ වෙතත් ඔහුට මෙවර වැඩිහිටි ඡන්දදායකයන්ගේද ඡන්දය සැකසහිත යැයි පැවසේ .
දැනටමත් ප්‍රචාරක කටයුතු අරභා මැතිසබයට යෑමට අපේක්ෂකත්වය බලා සිටින  අශෝක ප්‍රියන්ත යනු පසුගිය සමයේ ආණ්ඩු පක්ෂය හා එක්ව වැලි ජාවරම්හි නියැලුන ප්‍රතිපත්තියක් නැති අයෙකි.
ඔහුට තරුණ ඡන්ද තබා පුත්තලම් දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනයාගේ ඡන්දය පවා අහිමි වනු ඇත.
පුත්තලම් දිස්ත්‍රික්කය පසුගිය මැතිවරණයේදි ආසන 5 න් යන්තම් දිනාගත්තේ පුත්තලමේ ආසනය පමණි. ඒ ද මුස්ලිම් ජනයාට පින් සිදුවන්නටය.
තතු එසේ නම් මෙවර පුත්තලම දිනවිම අරභයා තරුණ අපෙක්ෂකයෙකුගේ අවශ්‍යතාවය බරපතලව තිබේ.
අප විසින් කරන්නට යෙදුන විමර්ශනයන්හිදි පෙනි ගියේ ඒ අවශ්‍යතාවයට නායකත්වය දිය හැකි අයෙකුට සිටින්නේ නිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පමණි.
එහෙත් ඇමති නිරෝෂන් පෙරේරා නැගි එන මේ තරුණ නායකයාට අකැමති බව දැන් මුළු රටේම ප්‍රසිද්ධියට පත්ව ඇති කරුණකි.
ඒ තමන්ට එල්ලවෙමින් ඇති අභියෝගය නිසාවෙනි.
පුත්තලමේ තරුණ ජනයා ආකර්ශනය කළ හැක්කේ උගත් බුද්ධිමත් ප්‍රතිපත්තිගරුක අයෙකු හට පමණි.
ඒ නිවරදි තෝරාගැනිම මෙවර එජාප නායකත්වය විසින් මගහැර යන්නේ නම් එහි ආනිසංස විදගැනිමට සිදුවන දිනය වැඩිඈතක නැත.

වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු පමණක් ධීවර උද්ඝෝෂණය අවසන් වන තෙක් ජනතාව සමගින් සිටි අයුරු...

ඩබ්ලිව් ෆයස් ප්‍රනාන්දු – වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article