Friday, March 29, 2024

වයඹ විදේශ රැකියා නියෝජිත සාංවත්සරික සැමරුම් උත්සවයේ ඇස ගිය තැන්.

Must read

වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගේ 12 වැනි සාංවත්සරික සැමරුම් උත්සවය පසුගියදා 26 වැනිදා පස්වරුවේ කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

සාංවත්සරික සැමරුම් උත්සවය මුල් භාගයේදී වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමය සදහා නව නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීම සිදු විය. උත්සවයේ දෙවන භාගය සංගමයේ සුහද හමුව වෙනුවෙන් වෙන් වී තිබූ අතර පසුගිය උසස්පෙළ විභාගයේදී කලා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනා ගත් ජීවා නයනමාලි සිසුවිය සහ වාණිජ අංශයෙන් දිවයිනේ පළමු ස්ථානයට පත් වූ අකීල් මොහොමඩ් සිසුවා ඇගයීමට ලක්කිරීමද එහිදී සිදු විය.

එමෙන්ම වසර විස්සකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ විදේශ රැකියා නියෝජිත ආයතනවලට සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු විය. කුසපත් ඇදීමක් මගින් තෝරාගත් වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් වෙත විවිධ ත්‍යාග පිරිනැමීමටද එහිදී කටයුතු යොදා තිබිණි.

වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගේ 12 වැනි සාංවත්සරික සැමරුම් උත්සවයේ විශේෂ අවස්ථාවන් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.

agency_2 agency_3 agency_19 agency_13 agency_1 agency_5 agency_4 agency_6 agency_7 agency_8 agency_9 agency_10 agency_11 agency_12 agency_14 agency_15 agency_16 agency_17 agency_18 agency_20 agency_21 agency_22

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article