Friday, April 19, 2024

පොහොර සහනාධාරයට එරෙහිව ඉබ්බාගමුවේ ගොවියෝ කිලෝමීටර හතක් පයින් යති.

Must read

පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීම සදහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට විරෝධය පළකරමින් ඉබ්බාගමුව සහ ඒ අවට ප‍්‍රදේශවල ගොවීහු පිරිසක් අද දහවල් (29 දා) විරෝධතා පා ගමනක සහ උද්ඝෝෂණයක යෙදුණහ.

මෙම උද්ඝෝෂණය සදහා කිරිබමුණ, දීයාව, කුඹුක්වැව, වෑවලගම ඇතුලු ගම්මාන කිහිපයක ගොවීහු සියයකට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. කුඹුක්වැව, දීයාව පාලම අසලින් විරෝධතා පා ගමන ආරම්භ කළ මෙම පිරිස විරෝධතා පුවරු සහ බැනර් ප‍්‍රදර්ශණය කරමින් ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගය ඔස්සේ කිලෝමීටර් හතකට වැඩි දුරක් පා ගමනින් පැමිණ ඉබ්බාගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලට පැමිණියහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ දේශ හිතෛෂී ගොවි පෙරමුණේ ප‍්‍රධාන ලේකම් මංගල දේශප‍්‍රිය මහතා මෙසේ පැවසීය.
‘‘ගොවියා ගොවිතැන් කරන්නේ තමන්ට ජීවත්වෙන්න නෙවෙයි. ගොවියෝ ගොවිතැන් කරන්නේ රටට බත සපයන්න. එහෙව් ගොවියා අද බැංකු පෝලිම්වල බඩගින්නේ ලතවෙනවා. ගොවියාගේ දුවට පුතාට ඉගෙනගන්න තිබුණු මුදල බැංකු ගිණුම් මුවාවෙන් කොල්ලකනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ප්‍රෝඩාකාරී වැඩපිළිවෙල වහාම නවත්වන්න. මේ සෝබන වැඬේ නවත්වන්න. පරණ විදිහට ගොවීන්ගේ අතට පොහොර ටික දෙන්න. පරණ ක‍්‍රමයේ තියෙන අඩුපාඩු ටික හදන්න. එහෙම නැතුව ගොවීන්ට ගොවිතැන එපා කරන තැනට වැඩකරලා මේ රටේ පාන් පිටි ගිලින්නෝ හදන්න එපා කියලා අපි පාලකයින්ට කියනවා. ’’යැයි පැවසීය.

ඉබ්බාගමුව ගොවිජන සේවා මධග්‍යස්ථානය ඉදිරිපිටදී පැය භාගයකට වැඩි වේලාවක් උද්ඝෝෂණයේ යෙදුණු මෙම පිරිස ඉබ්බාගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප‍්‍රාදේශීය නිලධාරී ඊ. එම්. එල්. කේ. ඒකනායක මහත්මිය වෙත සංදේශයක් භාරදීමෙන් අනතුරුව සිය විරෝධතාවය අවසන් කළහ.

ගොවීහු විරෝධතා පා ගමනෙහි සහ උද්ඝෝෂණයෙහි යෙදුණු අයුරු

ibbagamuwa_ govi_ picket_01 ibbagamuwa_ govi_ picket_02 ibbagamuwa_ govi_ picket_03 ibbagamuwa_ govi_ picket_04 ibbagamuwa_ govi_ picket_05 ibbagamuwa_ govi_ picket_06 ibbagamuwa_ govi_ picket_07 ibbagamuwa_ govi_ picket_08

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article