Saturday, April 20, 2024

නාමල්ගේ ගෝලයෙකුට අයත් අධිබලැති එන්ජින් ධාරිතාවකින් යුත් යතුරුදි පැදි අත්අඩංගුවට ?

Must read

mibike 2mibike 2 mbike 1පිටරටින් අමතරකොටස් වශයෙන් ගෙනවිත් හොර රහසේ මෙරටදි එකලස් කරන ලද අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් ලක්ෂ 20 ක් පමණ වටිනා යතුරුපැදි 3 ක් අද 03 උදැසන නයිනමඩම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ජපානයේ නිෂ්පාදිත අමතර කොටස් එකලස් කර සාදන ලද එන්ජින් ධාරිතාව 400 cc යතුරු පැදි 3 කි එක යතුරු පැදියක් මාර්ගයේ ගමන් කරන විටදි අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් යතුරු පැදි දෙක පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරක් මත වෙන්නප්පුව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් නයිනමඩමේ නිවෙස් පරික්ෂා කිරිමේදි සොයා ගත් බව පොලිසිය කීය නයිනමඩමෙන් සොයාගත් යතුරු පැදි 2 න් එකක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ වෙන්නප්පුව කමිටු සමාජිකයෙකුට අයත් බවත් අනෙක හෝටල් හිමියෙකුගේ පුතෙකුට අයත් එකක් බව විශ්වාසදායි ආරංචි මාර්ග පවසයි මෙම අධිබල එන්ජින් ධාරිතාවෙන් යුතු යතුරු පැදි මෙරට මාර්ග වල ධාවනය කිරිමට නම් අරාක්ෂක අමාත්යංශයේ අවසරය මත මොටර් රථ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල යුතු බව පොලිසිය පවසයි මෙම යතුරුපැදි තීරුබදු නොගෙවා නීතිවිරෝධි ලෙස එකලස් විකිණිමේ ජාවාරමක කොටස් කරුවන්ද යන්න සොයා බැලිමට පරික්ෂණ සිදු කරන පොලිසිය කීය වෙන්නප්ප්ව මූලස්ථාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත අත්තනායක කොස්තාපල් 23960 බණ්ඩාර 79680 කුමාර 85183 ජයලත් යන නිළධාරින් විසින් මෙම යතුරුපැදි අත් අඩංගුවට ගෙන තිබේ
චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article