Thursday, April 25, 2024

බලපත්‍ර නැති සම්බාහන මධ්‍යස්ථානයක් වෙන්නප්පුවේ පොලිසිය වටලයි.

Must read

masage clinicකිසිදු නීතිමය බලපත්‍රයක් නොමැතිව වයික්කාල ප්‍රදේශයේ ආයුර්වේද ප්‍රතිකාර මද්‍යස්ථානයක් ලෙසින් පවත්වාගෙන ගිය සම්බාහන ස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයෙක් හා එම ස්ථානයේ සේවය කරමින් සිටි කාන්තාවන් 4 දෙනෙක් සැකපිට ඉකුත් 29 වෙනිදා අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නයිනමඩම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් හා ත්‍රිකුණාමලය මීගමුව කුරුණැගල ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන කාන්තාවන් 4 දෙනෙකි මෙම කාන්තාවන්ට එම ස්ථානයේම නවාතැන් දී ඇති බවත් කාලයෙන් කාලයට එහි සේවයට දුර පළාත් වලින් කාන්තාවන් ගෙන්වා ඇති බව පොලිසිය පැවසීය පොලිස් අපරාධ අංශයට ලැබුණ තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදු කල බවත් මෙම ස්ථානය බාරව සිටි පුද්ගලයාට හෝ එහි සේවය කල කිසිදු කාන්තාවකට අයුර්වේදය ප්රතිකාර කිරිම සම්බන්ධයෙන් කිසිදු සුදුසු කමක් හෝ පිළිගත් සහතිකයක් නොතිබු බව පොලිසිය කීය වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක කාන්තා උප පොලිස් පරික්ෂක අයිරාංගනි කොස්තාපල් 21935 බණ්දුල 68660 ඉන්දික යන නිළධාරින් මෙම වැටලීම සිදු කර තිබෙන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ
චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article