Tuesday, April 23, 2024

වසර 22කට පසු තම ප්‍රියයන් දැකීමේ සතුට

Must read

 

Myint Naing තම මව වසර 22කට පසු හමුවූ මොහොත..

ඉන්දුනීසියාව කියන්නේ වර්ථමානය වන විට ධීවර කර්මාන්තය අතින් ඉතාමත් දියුණු රටක්. නමුත් එම කටයුතු සදහා මිනිස් ශ්‍රමය යොදාගන්නේ නම්  ඉතාමත් දරුණු ලෙස බවයි අපට වාර්ථා වන්නේ.එලෙස සිදුවන අනෙක් රට වන්නේ තායිලන්තය. මේ ආකාරයෙන් විශාල ලෙස මානව හිමිකම් කඩකරමින් විදේශික කම්කරුවන් වහල් සේවයේ යෙදවීම හා සම්බන්දව මේ හැගීම්බර පුවත අපට වාර්ථාවන්නේ මියන්මාරයෙන්. පහත සදහන් කථාව නිර්මාණය වන්නේත් Myint Naing හා ඔහුගේ පවුලේ සමාජිකයන් හා සමග කල සුහද කතාබහකට අනතුරුවයි.

මේ පුවත අපට වාර්ථා වන්නේ Myint Naing නම් මියන්මාර තරුණයෙක් පිළිබදවයි. 1993 වසරේදී ඔහුගේ ගම්මානයට වෙළද නියෝජිතයෙක් පැමිණෙනවා.ඔහු එරට සියළුම තරුණයන්ට රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් එරට තරුණයන් තායිලන්තය හා ඉන්දුනීසියාව වෙත ගෙන යාමද සූදානම් වෙනවා. ඒ අවස්ථාව වන විට  Myint Naing කියන්නේ අවුරුදු 18ක තරුණයෙක්, රැකියාවක් කිරීම සම්බනදයෙන් කිසිදු අත්දැකීමක් නොතිබුණු ඔහු පවුලේ තිබුණ මුදල් අපහසුතාවයන් නිසා මේ ගමන යන්නට සූදානම වනවා. ඔහු නිවසින් පිටත් වන දිනයේදී ඔහුගේ මව නිවසේ රැදී නොසිටීම නිසා ඇයට නිසි ලෙස සමුදෙන්නටවත් ඔහුට හැකි වන්නේ නැහැ. එදින සිට දින 15කය පසුව ඔවුන් ඉන්දුනීසියාවේ Tual නම් දූපත වෙත ගොඩබසිනවා. එම අවස්ථාවේදී ඔවුන් පැමිණි නැවේ කපිතාන්වරයා මොර දෙන්නට පටන් ගන්නවා. ඔහු පවසන්නේ නැවේ සිටින සියළුම පිරිස ඔහු විසින් මිලදී ගත් බවත් කිසි දිනක කිසිවෙකුට නැවතත් තමන්ගේ නිවෙස් බලා යාමට ඉඩ නොදෙන  බවයි.

ඉන්පසු Myint Naing ඇතුළු  පිරිස සති ගණනක් මුහුදේ  ජීවත් වනවා බොහෝ විට ඔවුන් දවසේ පැය 24ම රැකියාවේ නිරත වෙනවා. නමත් ඔවුන්ගේ ආහාරය වන්නේ බත් සහ එදිනෙදා අල්ලාගන්නා මාළුන්ගේ ඉවතලන කොටස් පමණයි. මේ ආකාරයෙන් ඔවුන් මුහුදේ පාවෙන සිරකදවුරු වල මාස ගණන් අවරුදු ගණන් ගත කරනවා. මාසයක් වැඩ කිරීමෙන් අනතුරුව ඔවුන්ට පඩිය වශයෙන් ලැබෙන්නේ ඩොලර් 10ක මුදලක්, ඇතැම් මාස වල එම ප1මාණය ලැබෙන්නේත් නැහැ. ඔවුන්ගෙන් කෙනෙකු හදිසියේ අසනීප වුවහොත් එම නැවේ කිසිදු ප්‍රතිකාර සදහා කිසිදු ඹෟෂධයක් නැහැ.  අසනීප වූ විට කපිතාන්වරයා විසින් එම කම්කරුවන්ට දැඩි ලෙස පහර දෙන්නටත් පටන් ගන්නවා. ඇතැම් විට දරුණු ලෙස රෝගාතුර වන පිරිස් මරා දැමීමත් සිදුවනවා. ඔවුනට බීමට ලබා දෙන්නේත් උණුකරගත් මුහුදු ජලයමයි. මේ ආකාරයෙන් අප්‍රමාණ දුක් ගැහැට වින්දායින් වසර 3කට පමණ පසුව Myint Naing ප්‍රථම වරට තමන්ගේ නිවසට යාමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. එයට පිළිතුරු වශයෙන් ඔහුට හෙල්මට් එකකින් හිසට පහරක් ලැබෙනවා.

ඉන්පසු කෙසේ හෝ නැවෙන් පැනගන්නා ඔහ, මේ පිරිසෙන් මිදීමට දිවයන විට ඔහුව හමුවන්නේ ඉන්දුනීසියානු පවුලකට. ඔවුන් ඔහුට ඉතාමත් හොදින් සලකනවා. ඔහුව සුවපත් කරනවා. මේ ආකාරයෙන් වසර 5ක් ඔහු නිදහස් ජීවිතයක් ගතකරනවා. නමුත් ඔහුට කිසිදාක ඔහුගේ පවුලේ සාමාජිකයන් අමතක වන්නේ නැහැ. ඒ අතර ඔහුට ආරංචි වෙනවා, තමන් කලින් සේවය කරපු නැවේ කපිතාන්වරයා විසින් ඔහුගේ සේවකයන්ට නැවතත් නිවෙස් බලා යන්නට අවස්ථාව ලබා දෙන බවට පවසමින් නිකුත් කල නිවේදනය. ඒ නිසාම ඔහු නැවතත් නැවේ සේවයට යාමට තීරණය කරනවා. නමුත් ඒ අවස්ථවේදීත් වන්නේ කලින් අවස්ථාවේදී වගේම ඔවුන් රැවටීමට ලක්වීමයි. ඒ වන විට වහල් සේවය කලින්ටත් වඩා දරුණු ලෙස සිදුවෙනවා.ඇතැම් විට වෙනත් තැන් වල සේවය කරන විදේශීය කම්කරුවන් පැහැරගෙන යමින් ඔවුන්වත් මෙලෙස තමන්ගේ සේවයට යොදාගැනීම දිගින් දිගටම සිදුවෙනවා.

මාස 9කට පමණ පසු නැවතත් Myint Naing තම නිවස බලා යාමට අවසර ඉල්ලා සිටිනවා. එහි ප්‍රථිඵලය ලෙස කපිතාන්වරයා ඔහුව යකඩ දම්වැල් වලින් බැද සිරකර තබනවා. මෙලෙස දින කිහිපයක් ගතකිරීමෙන් අනතුරුව අසල වූ කුඩා යකඩ කූරක් ආධාරයෙන් තම විලංගු ගලවා ගන්නා ඔහු මධ්‍යම රාත්‍රියේදීම මුහුදට පැන ගොඩබිම දක්වා පිහිනා ඒමට කටයුතු කරනවා.

ඉන්පසු Tual වල කැලෑවක දිවි ගෙවන ඔහු, තමන්ට සිදුවූ සිදුවීම් පිලිබදව පොලීසියට දැනුම් දීම පවා මගහරින්නේ ඔවුන් නැවතත් ඔහුව කපිතාන්වරයාට භාර දෙයි යන බියෙන්. ඒ වගේම මියන්මාර  තානාපති කාර්යාලයට යෑම පවා ඔහු මගහරින්නේ තමන් අනවසර සංක්‍රමණිකයෙක් නිසා ඔවුන් ඔහුට දඩුවම් කරාවි යැයි කියන බියෙන්. ඒ වන විට තමන්ගේ අම්මාගේ මුහුණ කොයි වගේද? නංගි දැන් කොච්චර ලොකු වෙලාද කියලවත් මතකයක් නැතිවෙලා තිබුණා.

2011 පමණ වන විට Dobo දිවයිනේ තමන් වගේම පිරිසක් සිටින බව ඔහුට දැනගන්නට ලැබුණා. ඉන්පසු ඔහු එම ප්‍රදේශයට පැමිණ තමන්ගේම වගාවක් කරමින් ජීවත් වුණා. මේ අතරෙදි තමයි මෙලෙස කම්කරුවන් වහලුන් ලෙස යොදා ගැනීම පිළිබදව දැඩි කතාබහක ඇති වන්නේ. මේ අතරෙදී රාජ්‍ය නායකයන් පිරිසක් Dobo දිවයිනට පැමිණ Myint Naing මෙන් වහලුන් ලෙස සේවයේ යෙදුන විශාල පිරිසක් මුදවාගෙන තමනගේ මව්බිම වන මියනමාරය වෙත ගෙන ගියා.

මේ විදියට තමයි වසර 22කට පසුව Myint Naing ට තමන්ගේ නිවසට යාමට අවස්ථාව ලැබුනේ. මේ වන විට ඔහුට වයස අවුරුදු 40ක් පමණ වුණා. මේ ආකාරයෙන් තමන්ගේ මව් බිමට පැමිණීමට වරම් ලැබූ ඔහු නැවතත් තම රටට පැමිණුනේ ආගන්තුකයෙකු ලෙසින්. නමුත් ගුවන්තොටුපලේදීම ඔහුට තමන්ගේ පවුලේ අයගෙන් ලැබුණේ ඉතාමත් උණුසුම් පිලිගැනීමක්. ඔවුන් සැම විටම පැවසුවේ ඔවුන්ට අවශ්‍ය මුදල් නොව පවුලක්  පමණක් බවයි.

 http://bigstory.ap.org ඇසුරිණී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article