Friday, April 19, 2024

පුද්ගලික ජිවිතය සැපවත් කරගන්න ජනතා මුදල් විනාශ කලේ නෑ-චන්ද්‍රිකා

Must read

ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සිටි නායකයන් බහුතරයක් රටේ නායකත්වයේ සිටියදි තමන්ගේ පෞද්ගලික ජීවිතය සැපවත් කර ගන්නට හෝ තමන්ගේ සාක්කු පුරවා ගන්නට හෝ ජනතා මුදල් විනාශ කරන්න කටයුතු නොකල බවත් ඔවුන් සැමවිටම ජනතා සුභසෙත ගැන පමණක් සිතා තමන්ගේ තිබු දේත් පූජා කරමින් කටයුතු කල බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙන්නප්පුවේදි පැවසුවාය හිටපු ජානාධිපතිනිය මෙලෙස ප්‍රකාශ කලේ ඇගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් වෙන්නප්පුව ශ්‍රිලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රි ශෙරොන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ සංවිධානය කර තිබු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියලි ආහාර මලු ලබා දීමේ උත්සවයට සහභාගි වෙමිනි හිටපු ජනාධිපතිනිය වැඩි දුරටත් මෙසේද කීවාය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පදනම ජනතවා පක්ෂයේ ජීවය තියෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති හා එහි දර්ශනය මත ඒ නිසා නායකයෝ කියන අය අද එන්න පුලුවන් හෙට නැති වෙන්න පුලුවන් එත් පක්ෂය හැමදාම තිබෙනවා පක්ෂය රඳා පවතින්නේ නායකයා මත නොවෙයි නායකයා රඳා පවතින්නේ පක්ෂය මතයි විශේශයෙන් තමුන්නාන්සේලා දන්නවා අපේ පක්ෂයේ නායකයෝ කී පාරක් ඉතිහාසයේ වෙනස් වෙලා තියෙනවද එත් පක්ෂය නැති වෙලා නැ පක්ෂය හැමදාම ඉදිරියට ගියා එහෙම වෙන්නෙ අපේ රටේ වෙන කිසිම පක්ෂයකට නැති වටිනා දර්ශනයක් ප්‍රතිපත්ති මාලාවක් ශ්‍රිලංකා නිදහස් පක්ෂයට තිබෙන නිසයි එත් සමහරවෙලාවට මෙම පක්ෂයේ තිබෙන වටිනා දර්ශනය වටිනා ප්‍රතිපත්ති නායකත්වයට පත්වෙන නායකයාගේ ඔලුවෙ තියෙන දේවල් එක්ක විකෘති වෙන්න පුලුවන් එහෙම වෙලා පක්ෂය දුර්වල කරලා පක්ෂයේ ප්‍රතිපත්ති පාවලා දිලා ජනතා ද්‍රෝහි ලෙස කටයුතු කරපු ආකාරය අපි දැකලා තියෙනවා නමුත් සහෝදරවරුනි ඒවා තාවකාලිකයි ඒ වගේ තැන් තිබුණ අවස්ථාවලදි අපිට පුලුවන් වුනා ලොකු විප්ලවයක් කරලා පක්ෂයේ ප්‍රතිපත්ති විනාශ කරපු අයගෙන් පක්ෂය බේර ගන්න අද වෙද්දි එම පක්ෂය නිවැරදි පාරට ගේන්න හැකි වෙලා තියෙනවා එය ලේසි නැ කාලයක් ජනතාවගේ හදවත් දුෂ්‍ය කරමින් කටයුතු කිරිම නිසා ඒ ඒ නාය්කයන්ගේ දුෂිත ප්‍රතිපත්ති පක්ෂයේ ප්‍රතිපත්ති බවට හරවල තිබුණ නිසා ඒවා ජනතාවගේ හදවත් වලට බද්ධ වෙලා එත් අද අපිට පුලුවන් වෙලා තියෙනවා ක්‍රමයෙන් පක්ෂය නිවැරදි මාර්ගයට ගන්න 1956 දි එදා බණ්ඩාරනායක මහත්මයා පක්ෂය හදද්දි ඉදිරියට ගෙනා ප්‍රතිපත්ති තුලින් තවත් ශක්තිමත් වි අපිට පුලුවන් වුනා පසුගිය දින 100 තුල රටේ ජනතාවට දැනෙන දෙයක් කරන්න කරන්න වගේම ඉදිරියට රටට හා ජනතාවට යහපත් අකාරයේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඒකට අපේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වගේම එකට එක්සත් ජාතික පක්ෂයත් සහයෝගය දුන්නා අපිට පුලුවන් වෙලා තියෙනවා දර්ශනයක් වැඩපිළිවෙලක් දිනවන්න එකතු වෙලා වැඩ කරන්න ඒක එක පුද්ගලයෙක් පක්ෂයක් හෝ පවුලක් දිනවන්න හදපු දෙයක් නෙමෙයි එහෙම නත්නම් හිටපු පුද්ගලයෙක් වෙනුවට තවත් එවැනි පුද්ගලයෙක් ගේන වැඩපිළිවෙලක් නෙමයි ඒක රට දිනවන ජනතාව දිනවන වැඩපිළිවෙලක් අපි දැක්කා පසුගියකාලේ රට දිනවන වැඩපිළිවෙලක් වෙනුවට මෙ රට ගෙනගිය දිශාව රටෙ ජනතාවගේ අයිතින් උදුරාගෙන රටේ නිදහස උදුරාගෙන දැන් මේක කියපුවම සමහරු අහයි බෝම්බ පිපිරෙන්නෙ නැති එකම කොයි තරම් නිදහස්ද කියලා එයිට වඩා පීඩාවක් පසුගිය කාලේ රටේ ජනතාව වින්ඳා දුෂණය ඉහවහ ගියා නාස්තිය වැඩි වුනා නීතිය කියන දේ ක්‍රියාත්මක වුනේ තමන්ගේ අයගේ අයට උවමනා අයට විතරයි පාලකයෝ සුරසැප විඳිද්දි ජනතාව මොන තරම් ජීවන බරකින්ද හිටියේ ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට කොයිතරම් අසරණ කලාද ඒ සියලු දේ වල පීඩනය නිසා තමා එහෙම හිටපු ජනතාව මේ ක්‍රමය වෙනස් කරන්න පෙළ ගැසුනේ අපි කලේ ජනතාව ඉල්ලපු වෙනස අනුව නායකත්වය දීපු එක විතරයි අදත් අපි ඒ ජනතාව දිනවන සටනේ ඉන්නවා සමහරවිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටින ප්‍රතිගාමි බලවේග මේ පක්ෂය විවිධ පැතිවලට ගෙනයන්න උත්සහ කරයි නමුත් පක්ෂයට ආදරය කරන පක්ෂයේ ප්‍රතිපත්ති වලට ගරු කරන පාක්ෂිකයන් ඉන්නකම් ඒ දේ කරන්න වෙන්නේ නැ කාටවත් අපි ඉතිහාසයේ දැක්කා එහෙම අය තමන්ගේ බලය රැකගන්න තමන්ගේ දුෂිත ක්‍රමය රැක ගන්න මේ පක්ෂය විනාශ කරන්න උත්සහ කරපු විදිය එත් අවසානේට මොකද වුනේ පක්ෂය හැමදාම රැකුනා පක්ෂයෙන් රැකෙන්න උත්සහ කරලා බැරිවුන ඒ මිනිස්සු විනාශ වුනා සමහරවිට ඉදිරියටත් එහෙම වෙවි එත් පක්ෂයට ආදරය කරන තමුන්නාන්සේලා නිසා පක්ෂය හැමදාම තියේවි මේ තීරණාත්මක මොහොතේ තමුන්නාන්සේලා අවදියෙන් ඉන්න ඔනේ ඒක මව්බිමට වගේම පක්ෂයටත් ලොකු යහපතක් වේවි අපි සියලුදෙනාම පක්ෂයේ ප්‍රතිපත්ති දර්ශනය උතුම් නිර්මල වැඩපිළිවෙලත් එක්ක බද්ධ වෙන්න ඔනේ එකේදි කවුද පක්ෂයේ නායකයා කියන එක වැද්ගත් නැ මොකද කවුරු උනත් පාක්ෂිකයා හා ඒ ප්‍රතිපත්ති රකිනවා නම් අපි ඒ නායකයාව රකින්න ඔනේ අපිට පුලුවන් වෙන්න ඔනේ කවුද අපේ හතුරෝ කවුද අපේ මිතුරෝ කියලා තේරුම් ගනිමින් අපේ වැඩපිළිවෙලත් එක්ක හොඳ ගමනක් රට දිනවන පක්ෂය දිනවන ගමනක් යාමට එකතු වෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මෙහිදි ප්‍රදේශයේ අඩු අදායම් ලාභි පවුල් 150 ක් වෙත මෙම වියලි අහාර ලබා දුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මිල් රොයි ප්‍රනාන්දු හා වෙන්නප්පුව ප්‍රාදේශිය සභා මන්ත්‍රි ශෙරොන් ප්‍රනාන්දු මහතා ජනතාව ඇමතුහ මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි ප්‍රනාන්දු වයඹ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රි රාමනායක ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ
චන්දන ප්‍රනාන්දු

Chandana Fernando's photo.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article