Thursday, March 28, 2024

විදේශගත ශ්‍රී ලාංකීකයන්ට ඡන්ද අයිතිය ?

Must read

  hadun in italy 1hadun in Italyඉතාලියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කල   විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ ප්‍රශ්න මැතිසබේ හඩක් නැගීම වෙනුවෙන් රැස්වීම් මාලවක් ඉතාලිය පුරා පැවැත්විනි.මේ සඳහා ඉතාලියේ සංචාරය කෙරුනු ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නේත්ති මහතා සමඟ කල සම්මුඛ සාකච්ඡාව.
 ඔබේ ඉතාලී සංචාරයේ අරමුණ  මොකක්ද ?
 
  “ජනාධිපතිවරණයෙන් පසු විදේශගත ශ්‍රී ලාංකීකයින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අපි ආරම්භ කලා.ඉතාලිය විතරක් නෙමේ ජාත්‍යන්තරයේ අපේ සහෝදරයන් එකතුවන හැම සංවිධානයකටම අපි යනවා.අනුර සහෝදරයා නෙදර්ලන්තයේ ,බෙල්ජියම , ජර්මනියයි ගියා.මම ඉතාලියේ හා විජිත හේරත් සහෝදරයා ඩුබායි හා මැදපෙරදිග රටවල් කිහිපයකට, වසන්ත සමරසිංහ සහෝදරයා එංගලන්තය. ඒ වගේ රටවල් ගන්නාවක විශේෂයෙන්ම රටේ පැවති දේශපාලන තත්වයයි. ඒ වගේම ඉදිරියේදි ඇතිවිය හැකි දේශපාලන තත්වය හා ඉදිරි මැතිවරණය පිළිබඳ හා ඒ හා බැඳුනු ඉලක්කගත වැඩපිළිවෙලක් එක්කතමා මේ ගමන යෝදාගත්තේ”
ඔබේ පක්ෂය විදේශගත ශ්‍රී ලාංකීකයන් ගැන හඩ නගන්නේ නැහැ ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ මෙය සත්‍යක්ද?
උදාහරණය හැටියට වසර දහයකට කලින් ඉතාලියේ සේවය කල අයෙකුට අර්ථසාධක අරමුදලක් ලැබුනා ඒත් දැන එය කපා හැරලා… මේ සම්බන්ධයෙන් අද වෙනතුරු කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේ හඩ නගලා නැහැ මේ ගැන ඔබ දැනුවත්ද?  
      “ විදේශගත ශ්‍රී ලාංකීකයෝ ගැන අපි හඩනගන්නේ නැහැ කියන එක සාධාරණ නැහැ. හඩනගන්නේ නැති එක ප්‍රමාණවත්  නැහැ කියන එක සාධාරණයි.මොකද අපිට ඒ තොරතුරු එන ප්‍රමාණය මදිකම හා සම්බන්ධකම් මදිකම ඒ ගැටලු ප්‍රශ්ණ සන්නිවේදනය වීමේ ගැටලු තමා තියේන්නේ.එතර අපි සංවිධානය හැටියට අපි වෙනම සංවිධානයක් පිහිටුවල තියනවා.එතෙර අපි සංවිධානයේන් තමා පහුගිය කාලේ විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වුනා අපි.විශේෂයෙන්ම දැනටත් මැතිවරණ කොමසාරිස්වරයා එක්ක අපි සාකච්ඡා කරලා තියනවා.විදේශගත ශ්‍රී ලාංකීකයන්ට ඡන්ද අයිතිය ලබාදෙන්නේ කොහොමද කියලා.මෑතකදී ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන්න යන ඒත් ක්‍රියාත්මක වෙන්නේ නැති ද්විත්ව පුර්වැසිභාවය ලබාදීම පිළිබඳ අපි මැදිහත් වුනා.විදේශයකදි  තමන් පාවිච්චි කල වාහනයක් හරි විදේශගත ශ්‍රී ලාංකීකයෝ ලංකාවට එවන විදේශ විනිමයට ගැලපෙන ප්‍රමාණයට තීරුබදු රහිත වාහනයක් ලබා දීම ගැන අපි කතා කරලා තියනවා.අනෙත් බරපතල ප්‍රශ්නය තමා විදේශගත  අයගේ ළමයින්ට අවශ්‍ය අවස්ථාවේදි ලංකාවේ පාසල් වලට ඇතුලත් වෙන්න ඉඩකඩක් නැතිකම.එවැනි ප්‍රශ්න  ගැන අපි මැදිහත් වෙලා තියනවා.කතා කරමින් ඉන්නවා.ප්‍රමාණවත් නැහැ කියන එක සාධාරණව පිලිගන්න පුලුවන් ඒත් කතා නොකරනවා කියන එක පිලිගන්න බැහැ.ඒ නිසා විදේසගත ශ්‍රී ලාංකීකයින්ගේ ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නවා.අපි දැනට කුවේට්වල කටාර් වල හා තවත් රටවල් කිහිපයක එතෙර අපි සංවිධානයේ ශාඛා පිහිටුවලා තියනවා.ඔය මෑත කාලයේදි ලංකාවට ගෙන්න ගන්න තිබුනු අයගේ ප්‍රශ්න වලට අපි පෞද්ගලිකවත් පාර්ලීමේතුවේ  කතා කරලා මැදිහත් වෙලා තියනවා.”
රටේ තුන්වෙනි බලවේගය නිතර නිතර බෙදෙන්නේ ඇයි ?
      “නැහැ අපි තුන්වන බලවේගය කියලා අපි පිලිගන්නේ නැහැ.අපි තමා අපේ රටේ විකල්ප බලවේගය.ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වශයෙන් විකල්පය බවට පත්වෙලා තියනවා.මං හිතන්නේ බෙදීමක්  අපේ පක්ෂයේ කොහෙත්ම නැහැ.ඔබ අහන්නේ සෝමවංශ සහෝදරයා මැත කාලේයේ සිදුකල ප්‍රකාශය පිලිබඳව නම්.ඒක පක්ෂයේ බෙදී යාමක් හරි කැඩීයමක් හරි බිදීමක් හරි නොවේ.”
විවේචන විතරයි ජවිපෙට හරි ප්‍රතිපත්තියක් නැහැ මෙවැනි කතා සමාජය තුල තියනවා මෙයට් ඇති පිළිතුර කුමක්ද?
“ නැහැ එහෙම නැහැ.අපි විවේචනය කරන බව ඇත්ත.හැබැයි ඒ විවේචනය ඉතා පැහැදිලිව හොද දේට හොදයි නරකට නරකයි කියන ප්‍රතිපත්තියේ අපි ඉන්නේ.හොද දේ වැරදියි කියලා අපි කියන්නේ නැහැ.පහුගියා ආණ්ඩුවලින් ගත්ත සමහර ක්‍රියාමාර්ගත් අපි අගේ කරලා තියනවා.සහය දීලත් තියනවා.පාර්ලීමේතුවේ ඉදන් ඡන්දේ ප්‍රකාශ කරලත් තියනවා.ඉතින් ප්‍රතිපත්ති ගත්තොත් එහෙම දේශපාලන පක්ෂයක් විදියට අපි තමා ස්ථාවර ප්‍රතිපත්ති තියේන්නේ.ස්ථාවර ප්‍රතිපත්ති කියන්නේ සමහර දේවල් සම්බන්ධයේන් දෙගිඩියාවක් අපිට නැහැ.දැන් උදාරණයක් ගත්තොත් අපි ජාතිවාදි පක්ෂයක් නෙමේ.
ජාතික සමඟිය අපි ආරක්ෂා කරනවා.ඒක ප්‍රතිපත්තියක් අපේ.සිංහල දෙමල මුස්ලීම සැමදෙනාගෙම අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න කියලා අපි පිළිගන්නේ.
සිංහල භාෂාව හා දෙමල භාෂාව දෙකම වගේම ඉංග්‍රීසී භෂාව පවා රාජ්‍ය භාෂාව  වෙන්න ඔනා අපි එකඟයි.  එවැනි කාරණා නිශ්චිත ප්‍රතිපත්ති හැටියට  පිලිගත් එකම පක්ෂය අපි. ජේවීපී එක. ඊලඟට රටේ වගකීම් භාරදුන් අවස්ථා වල ඒ වගකීම් ඉෂ්ඨ කරන්න කැපවීමේන් වැඩ කරලා තියනවා.මං හිතන්නේ ඒ හින්දා වැරදි අඩුපාඩුකම් පෙන්නලා දෙනවා වගේම අපිට ලැබුනු දේශපාලන බලය තුල හරිම දේ කරන්න අපි මහන්සි වෙලා තියනවා.හරිම උදාහරණය තමා අපිට බලය ලැබුනු අවස්ථාවේ තිස්සමහරාම ප්‍රාශේශීය සභාව තමා ලංකාවේ හොදම ප්‍රදේශීය සභාව වුනේ.ඒ වගේම තමා අපි ලංකාවේ වැටුප්  නොගන්න මන්ත්‍රීවරු බිහි කරලා තියනවා.ඒ නිසා අපේ හැම සමාජිකයෙක්ම මන්ත්‍රී කෙනෙක්ම වැටුප් නොගෙන වැඩ කරනවා.ඒ ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියක් හැටියට පිලිගන්න එකම පක්ෂය  ජේවීපී එක”.
  විදෙස් ගත ශ්‍රිලංකිකයන් අතිබහුතරයක් ජාතිවාදයි යන චෝදනාවක් තියෙනවා. එහෙම වෙන්න ජවිපෙ අතිත ක්‍රියාකාරිත්වයත් බලපෑව නේද ?
       ”විදේශගත ශ්‍රී ලාංකීයන් ජාතිවාදී කියලා අපි හිතන්නේ නැහැ. නමුත් ජාතිවාදයයි ජාතිකවාදයයි දෙකක්.විදේශගත ශ්‍රී ලාංකීකයින්ට ලංකාවේ ජිවත් වෙනවට වඩා ජාතික හැඟීමක් ඇතිවෙන්න පුලුවන්.ජාතික හැඟීමක් තියනවා ජාතිවාදි හැඟීමක් නැහැ කොහෙත්ම.පක්ෂයක් හැටියට අපි කොයි වෙලේකවත් කියන්නේ නැහැ විදේශගත ශ්‍රී ලාංකීකයෝ ජාතිවාදියි කියලා.”
සංවාද සටහන- ඩිල්ෂාන් තිසේරා
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article