Thursday, March 28, 2024

යතුරු පැදියෙන් ලෝකයම ජයගන්න වේගයෙන් ඉදිරියට යන තරුණයා…

Must read

shoel-04shoel-02ශ්‍රී ලාංකීය මෝටර් සයිකල් ක්‍රී‍ඩාව හා සම්බන්ධ තවත් සුවිශේෂී වූ පුද්ගලයෙකු අප සොයා ගියා, ඔහු පිලිබද සංවාද සටහනක් සමග අප ඔහුව ඔබ වෙත රුගෙන ආවා. ඔහු නමින් ෂොයෙල් ඩැනියෙල්. ෂොයෙල් පිලිබද මතකය බොහෝ දෙනාට තිබේ. මීගමුව ප්‍රදේශයෙන් මෝටර් සයිකල් ‍ක්‍රීඩාවට යොමුවූ ෂොයෙල් තමන්ගේ උසස් පෙල අධ්‍යාපනය හදාරන අතර තුර මෝටර් සයිකල් ක්‍රී‍ඩාවේ නිරත වී සිටී. ෂොයෙල් පසුගිය බොහෝ තරග වලට සහභාගි වන විටත් අධ්‍යාපනය හදාරමින් සිටින ශිෂ්‍යයෙක්, යෞවනත්වයේ පසුවන ෂොයෙල් මේ වන විට තමන්ගේ ඉදිරි ක්‍රී‍ඩා තරගාවලි සදහා සූදානම් වෙමින් සිටිනවා. ඔහුගේ ශක්තිය වී ඇත්තේ තමන්ගේ පියා සහ සහෝදරයා බව ෂොයෙල් අප සමග පැවසුවා. මේ ඒ සංවාද සටහනයි.
shoel daniel

 

MB – ඔබේ ගම් පලාත මීගමුව, ඔබ මේ ක්‍රී‍ඩාවට විශේෂයෙන් යොමු වීමට බලපෑ විශේෂ කාරනාවක් තියෙනවද, මීගමුව ප්‍රදේශය බොහෝ ක්‍රී‍ඩා වලට තෝතැන්නක්, ඇයි වෙනත් ක්‍රී‍ඩාවක් තෝරා ගැනීමට නොපෙලබුනේ?

Shoel – පවුලේ මායි අයියයි තමයි ඉන්නේ. පොඩිකාලේ ඉදන් අපි දෙන්නා එකට හැදුනේ, අපි දෙන්නාටම තිබුනේ මෝටර් සයිකල් පිස්සුව කීවොත් හරි, මගේ පියා මෝටර් සයිකල් ව්‍යාපාරයක් කරගෙන ගියා, ඒ නිසාම අපට ගෙදර දොරේදි මෝටර් සයිකල් පිලිබද අවබෝධය ලැබුන යම් ප්‍රමාණයකට. පියාගේ සහයෝගයත් උපදෙසුත් ලැබුන. වෙනත් ක්‍රී‍ඩා වලට යොමු වීමක් උනේ නැහැ, අපේ ලෝකය වුනේ මේ ක්‍රී‍ඩාව ඒ නිසා බොහොම කැමැත්තෙන් මේ ක්‍රී‍ඩාවට යොමු වුනා.

shoel daniel

 

MB – හොදයි, ඔබ කීව අයියටයි ඔබටයි දෙන්නාටම තිබුනේ මෝටර් සයිකල් පිස්සුව කියල අයිය කවුද, එයා මොනවද කලේ එතකොට?

Shoel – බොහොම හොද ප්‍රශ්ණයක් ඔබ ඇසුවේ. ඒ ගැන කතා නොකරම බෑ, මගේ අයිය නෙඩ් ඩැනියෙල් තමයි මටත් පලමුවෙන් ක්‍රී‍ඩාවට යොමු වුනේ ඔහු අති දක්ෂ ක්‍රී‍ඩකයෙක්. ඔහු පැදපු තරග වලින් සියයට 98 ක් ඔහු ජයග්‍රහණය කලේ පලමු වෙනිය ලෙස ඉතිරි තරග වල එක්කෝ දෙවනිය නැත්නම් තුන්වෙනිය. ඒ නිසා ඔහු පැදපු තරග වල දිණීමේ ප්‍රතිශතය සියයට සියයක් කීවොත් නිවැරදියි. අයියා පැද්දෙත් රෝඩ් රේස් තරග, මම තෝරා ගත් ඉසව්ව උනෙත් අයියාගේ ඉසව්ව. මගේ ගුරුවරයා උනෙත් අයියා. මම පදින්නේ අයියාගේ බයික් එක. අපි දෙන්නටම මුදල් දුන්නේ තාත්තා. අයියා 2008 දී තරග වලට සම්බන්ධ වුනා, ඒ වෙන කොට මගේ වයස 13 යි, අයියට අවුරුදු 19 යි.

MB – එතකොට ඔබ, ඔබේ ක්‍රී‍ඩා ජීවිතය ඇරඹුනේ මොන විදිහකින්ද?

Shoel – මමත් රේස් පදින්න ඕන කියල කීව. නමුත් තාත්ත කීව ඉස්සර වෙලා O/L කරල ඉන්න කියල ඒ නිසා විභාගය ඉවර වෙනකම් පදින්න දුන්නෙ නැහැ. පස්සේ තාත්ත සයිකලයක් අරන් දුන්නා, ඒක CBR 150 වර්ගයේ එකක්, එය පැද්ද. පලමු රේස් එක පැවැත්වුනේ ජපානයේදි. ජපානයේ සුගෝ වල 2012 වසරේදී තමයි ඒ රේස් එක පැවැත් වුනේ. මම ඒ තරගයට යද්දි මගේ වයස 16 යි. එද්දි 17 වෙලා මම මේ රේස් එකෙන් Top 10 වුනා. ඒ ටයිමින් හොද නිසා. මේ තරගයේ සහභාගී වූ ක්‍රී‍‍ඩකයින් 19 දෙනා අතුරින් මා 9 වෙනියා වුනා.

Shoel Daniel

 

MB – එතකොට මේ දින වල ඔබේ පදිංචිය?

Shoel – අපේ පදිංචිය මීගමුවේ බෝලවලානේ.

MB – එතකොට ඔබේ සම්පූර්ණ නම කුමක්ද. පවුලේ විස්තර කොහොමද?

Shoel – මගේ නම ෂොයෙල් අර්වින් ඩැනියෙල්, අපේ පවුලේ හතර දෙනයි, අම්මා තාත්තා සහ මායි අයියයි. අම්මා ෂරන් ඩැනියෙල්, තාත්ත ව්‍යාපාරිකයෙක් නම නීල් ඩැනියෙල් මෝටර් සයිකල් ව්‍යාපාර තමයි කරන්නේ ස්පෙයාර් පාර්ට්ස් ඇතුලුව 1981 වසරේ සිට. අපේ තාත්තා කරාටේ ක්‍රී‍‍ඩකයෙක් කලුපටි ධාරියෙක්. අයියා නෙඞ් ඩැනියෙල්, අම්මා රුකියාවක් කරන්නේ නැහැ. අයියත් ව්‍යාපාරයක් කරගෙන යනවා. අයියා ගේ ව්‍යාපාරය සැරන් හයිට් ඉංජිනියර්ස්. අයියාට හොද තාක්ෂණික දැනුමක් තියෙනව. එයාට ඔටෝ මොබයිල් පිලිබද ඩිප්ලෝමාවක් තියෙනව. මගේ තාක්ෂණික උපදේශකත් පුහුණු කරුත් අයිය.

MB – ලංකාව තුලත් ලංකාවෙන් පිටතත් ඔබ තරග වලට සහභාගි වී තිබෙනවා, මොනවාද ඒ තරග ඒ ගැන කතා කලොත්, මොනවද ඔබේ තරග ඉසව්?

Shoel – ඔව් ඔබ නිවැරදියි, මම ලංකාව තුලත් ලංකාවෙන් පිටත් තරග වලට සහභාගී වී තිබෙනව. නමුත් වැඩියෙන්ම සහභාගි වී ඇත්තේ විදේශීය තරග වලට, මගේ තරග ඉසව්ව 250 CC ෆෝ ස්ට්‍රෝක් සිලින්ඩර් කාන්ඩය. මේක මගේ අයියාගේ තරග ඉසව්වම තමා. එයත් පැද්දේ මේ ඉසව්වෙන්. ඒ නිසා මට ගොඩක් උපදෙස් තාක්ෂණික දැනුම ලැබෙන්නේ ඔහුගෙන්. තරගය වන්නේ මොටර් සයිකල් ක්‍රී‍ඩාවේ රෝඩ් රේස් තරගාවලි. මේ වෙද්දි මම තරගාවලි 5 කට සහභාගී වී තිබෙනව ඉන් 03 ක්ම විදේශීය තරග සහ ඊට සම්බන්ධ තේරීම් තරග. ලංකාවේ තරග දෙකක් පැද්ද. මගේ පලමු තරගය ජපානයේදි ඒ තරගය පැද්දේ 150 CC සිලින්ඩර් කාණ්ඩයේ තරගයක් ලෙස. ඒ 2012 වසරේදී. ඒක පැද්දේ යමහා R 150 කියන යතුරුපැදියකින්. මැලේසියාවේදී රේස් එකකුත් සිලෙක්ෂන් එකකුත් පැද්ද. 2014 අප්‍රේල් වල, ඉන් පස්සේ මේ අවුරුද්දේම ජූනි මාසයේ ඉංදුනීසියාවේ තරගයකට සහභාගි වුනා. ඉදිරියේදී ජපානයේ තරගයක් තියනව එයට සහභාගි වෙනව. රටවල් 5 ක රේස් 6 ක් කීවොත් හරි. මැලේසියාව තරග 1ක්, ඉංදුනීසියාව 01 ක්, ජපානයේ 02 ක්, (ඉදිරියට* තායිලන්තයේ 01 ක්, සහ කටාර් රාජ්‍යයේ 01 ලෙස. අටවෙනි රේස් එක අගෝස්තු මාසයේ ජපානයේ පැවැත්වෙනව.

MB – ඔබ සදහන් කලා ඔබගේ අයියා හොද ක්‍රී‍ඩකයෙක් කියල. දැන් එයත් ක්‍රී‍ඩාවේ නිරත වෙලා ඉන්නවද?

Shoel – අයියා පිලිබද බොහෝ දේවල් මම කලිනුත් කීව. ඇත්තටම ඔහු දැන් තරග අතර නැහැ. මම දැන් පදින්නේත් අයියා පැදපු පරණ බයික් එක, අයියා පැදපු සෑම තරගයක්ම වගේ ඔහු දිනුව, ඉන් පස්සේ මම පදින්න පටන් ගත්ත, අයියා දැන් ව්‍යාපාරයක් කරගෙන යනව. මම ඔහුගෙන් උපදෙස් අරගෙන ක්‍රීඩාවේ නිරතවෙනව. මගේ පුහුණුකරුත් තාක්ෂණික උපදේශකත් එයාම තමා. මා සමග තරග සදහා ඔහු යනව. විශේෂයෙන් කියන්න ඕන අයියටත් කිසිම අනුග්‍රා‍හකයෙක් සිටියේ නෑ. අපි දෙන්නාටම උදව් කලේ තාත්තා. වියදම් හැම දේම කලෙත් එයා. ඉදිරියේදී මම පදින ඒෂියා ඩ්‍රීම් කප් තරගාවලියට අයියත් යනව මගේ උදව්වට. ඒ තරගය තියෙන්නේ මැලේසියා වල, ටී.ඩබ්ලිව්.එම්.ආර්.එකෙන් සහ හොන්ඩා මෝටර් කෝපරේෂන් එකෙන් තමයි එය කරන්නේ.

shoel daniel

 

MB – මේ ක්‍රීඩාවේ නිරතවෙන්න යම් ආර්ථික ස්ථාවරත්වයක් අවශ්‍යයි. ඔබ රුකියාවක් කරනවද?

Shoel – නැහැ. රුකියා කරන්නෑ මම පසගිය කාලේ තමයි අපොස උ/පෙ ලීවේ. තාත්තා තමයි වියදම් කරන්නේ. අයියාත් උදව් කරනව. තාත්තගේ ව්‍යාපාර නිසා තමයි ක්‍රී‍ඩාවේ නියලෙන්න පුලුවන් උනේ.

MB – ඉගෙන ගත්තේ මොන පාසලේද?

Shoel -මිගමුවේ AIS ජාත්‍යන්තර පාසලේ අපොස සාපෙල වෙනකම්.

MB – ක්‍රී‍ඩාවේදී ඔබට අත හිත දෙන අය කවුද?

Shoel – තාත්තා, අම්මා, අයියා, සහ මගේ මවගේ ලොකු අයියා ජෙරාඞ් බැස්ටියන්. එයා කැනඩා වල ඉන්නේ.

MB – මොනවද ඔබේ ඉදිරි සැලසුම් පුද්ගලික ජීවිතය තුල, මොනවගේ තරගද ඉදිරියේ ඉලක්ක කරන් ඉන්නේ?

Shoel – දිගටම ජාත්‍යන්තර තරග වලට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනව, රටක් ලෙස ලංකාව මේ ක්‍රීඩාවේදී ඉහලට ගේන්න හැකි උපරිම දේ කරන්න උත්සාහ ගන්නව. ආසියාවේ දී ලංකාව පලමු 5 අතරට හෝ ගැනීම සදහා. අධ්‍යාපනය ඉදිරියට කරගෙන යනව අනිවාර්යෙන්, මගේ ඉලක්කය මිකැනිකල් ඉංජිනේරු වරයෙකු වීම. අයියා උදව් කරනව. ආසාව සහ විනෝදාංශයක් ලෙස ක්‍රී‍ඩාවේ නිරතවෙනව.

MB – ක්‍රී‍ඩාවට ඇතුල් වෙන නවක ක්‍රී‍ඩකයින්ට කියන්න දෙයක් තියෙනවද?

Shoel – පැහැදිලිවම ඔව්, Safety First‍ එය අනිවාර්යෙන් මතක තියාගන්න. නීති රීති ඉහලින් අනුගමනය කරන්න, ඔබ නිසා වෙනත් අය අනතුරු වලට ලක් වෙන්න පුලූවන්, ඒ පිලිබද සිතන්න ඕන. හොද පුහුණු කරුවෙක් හෝ උපදේශකයෙක් යටතේ පුහුණු වන්න.

සංවාද සටහන – උමයන්ත කුමාර
motobook.lk වලින් උපුටා ගැනුනි.

  • shoel-01-thumbnails
  • SAM_0233-thumbnail
  • shoel-03-thumbnails
  • shoel-02-thumbnail
  • shoel-04-thumbnail
  • shoel-05-thumbnail
  • shoel-07-thumbnail
  • shoel-06-thumbnail
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article