Thursday, April 25, 2024

දංකොටුවේ මැටි කැපිල්ල සහ නිරෝෂන්ගේ බෙලි කැපිල්ල

Must read

niroshan දංකොටුවේ මැටිකැපිල්ල ජයටම සිදුකෙරුණ බව මීපුරට වාර්තා වූ අතර මේ බොහෝමයක් දෙනා අතර  එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රාදේශීය සාමාජියන් ද සිටින බව ද වාර්තා විය.  මේ සම්බන්ධයෙන් මුල්ම පැමිණිල්ල අපට වාර්තා කළේ පසුගිය මහින්ද රජයේ අයහපත් පාලනයට එරෙහිව නැගී සිටි නිදහසේ වේදිකාවේ කණ්ඩායමේ දංකොටුවේ  සාමාජියන් විසිනි.

පසුගිය මාස 06  පුරාම මේ මැටි කැපිල්ල යහමින් වර්ධනය විය. මේ වන විට ප්‍රදේශවාසීන්ගේ විරෝධයද මෙම පරිසර විරෝධී ක්‍රියාවට එරෙහිව මතුවී ඇති අතර පසුගිය දිනක ප්‍රදේශයේ යම් උණුසුම්කාරී තත්ත්වයක්ද මතුවිය.  එහි ප්‍රතිපළයක් ලෙස මේ  වනවිට දංකොටුව පොලීසිය විසින් පසුගිය දින වලදී  මෙම මැටි කැපීම සඳහා භාවිතා කළ බැකෝ යන්ත්‍ර අත්අඩංගුවට ගත් බවද වාර්තා වේ.
තත්ත්වය මෙසේ තිබියදී  මැටි කැපිල්ල සම්බන්ධ කරගනිමින් එජාප නි. අමාත්‍ය නිරෝෂන්  පෙරේරා විසින් බෙලි කැපිල්ලක් ද සිදුකරමින් සිටින බව වාර්තා වේ.
ඉහත සදහන් කළ ප්‍රදේශවාසීන් විසින් පැවැත්වූ විරෝධතාවයකට එම ප්‍රදේශයේ කිසිදු දේශපාලනඥයෙක් සහභාගී නොවී සිටියදී වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල්  ප්‍රනාන්දු සහභාගී වී තිබේ.
චිත්‍රාල් ප්‍රනාන්දු විසින්  ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්ණයක් අවස්ථාවේදී මැදිත්වීමට පැමිණිම  සම්බන්ධයෙන්  එජාපයේ  තවත් පාර්ශවයක් විසින් වෙනත් අර්ථකතනයක් දී  එය ඔහුට විරුද්ධව  වැරදි ප්‍රචාරයක් ගෙන යන බවද මීපුරට මේ වනවිට වාර්තා වී ඇත. මේම වැරදි ප්‍රචාරය  සිදුකර ඇත්තේ පා. මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ගේ  ආධාරකරුවන් වන අතර මේ වනවිට ඔවුන්,  චිත්‍රාල් ප්‍රනාන්දු විසින් මෙම ප්‍රදේශවාසීන් රජයට විරුද්ධව උසිගැන්විමක් කර ඇති බවට ප්‍රචාරයක් මෙන්ම සිරිකොතට ද කේලම් කීමට පටන් අරන් ඇති බව වාර්තා වේ. මේ වනවිට නි. අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ ඔහුගේ ගෝලබාලයින් විසින්  සිය දේශපාලන තනතුරු වලට මුවාවී  නීතිඥ චිත්‍රාල් පෙරේරාට මෙන්ම ඔහුගේ  ආධාරකරුවන්ට විවිධ කෙනෙහිලිකම් කරන්නට පටන් ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂයෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලවත් අප්‍රසාදයක් පැන නැගී ඇත.
මහින්ද පාලනය පෙරලා දැමීමට අබමල් රේණුවක දෙයක් සිදුනොකර  අනුන්ගේ පානින් තමන්ගේ පින පෑදෙනතෙක් බලාසිටි   එමෙන්ම පක්ෂයේ නායකයා පන්නාදැමීමට කටයුතු කළ සජිත් ප්‍රේමදාසගේ ගෝලයෙකු වූ  නිරෝෂන්  පෙරේරා  කිසිදු මහජන විරෝධයක්  හෝ  පැවති අයහපත් පාලනයට එරෙහිව ජනතා ක්‍රියාමාර්ගයක් පුබුදුවා ගැනීමට අසමත්වූ පුද්ගලයෙකි. පසුබිම එසේ තිබියදී තමන්ගේ හැකියාවට එහා යමින් වැඩකරන දක්ෂ පුද්ගලයන් පාගා යටපත් කිරීම වැනි  දේශපාලන පක්ෂ වල ඇති පසුගාමී ක්‍රියාවන්ට පණ දෙමින් සිටී. මේ සදහා ඔහුට තදබල ලෙස අධාරකිරීමටද සිය පියාගේ කාලයේ සිටම පැවත එන ගෝලබාලයන් පිරිසක් ද සිටියි. නිරෝෂන් පෙරේරාගේ මේ ක්‍රියාවන් විසින් සිදුවන්නේ ඉදිරි මැතිවරණයකදී නැවතත් වෙන්නප්පුව පරාද වීම බවට  ප්‍රදේවාසීන් අනතුරු අගවති.

කුමාරි ප්‍රනාන්දු

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article