Friday, April 19, 2024

වයඹ සභාවෙන් මාධ්‍යවේදීන්ට සුදු කොඩි එසවෙයි. මහ ඇමැති සමග තීරණාත්මක සාකච්ඡාවක් අද !

Must read

Vector exclusive stampමාධ්‍යවේදීන් සහ වයඹ පළාත් සභාව අතර හටගෙන ඇති අර්බුදකාරී තත්වය සමථයකට පත්කිරීමේ අරමුණින් වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ වයඹ පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමේ නියුතු මාධ්‍යවේදීන් අතර විශේෂ සාකච්ඡාවක් අද ( 11 දා ) පැවැත්වීමට නියමිතය.

අද පෙරවරු නවයට පමණ වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යංශ කමිටු රැස්වීම් ශාලාවේදී පැවැත්වෙන අදාළ සාකච්ඡාවට පැමිණෙන ලෙසට වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමේ නියුතු මාධ්‍යවේදීන් වෙත පුද්ගලිකවම ආරාධනා කර තිබේ. ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම පිළිගත් මාධ්‍යවේදීන් අදාළ සාකච්ඡාවට සහභාගිවීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් මාධ්‍යවේදීන් වයඹ පළාත් සභා සංකීර්ණයට පා තබන්නේ මාස දෙකක කාලයට පසුව වන අතර පසුගිය පෙබරවාරි 16 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේදී පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා විසින් මාධ්‍යවේදීන්ට අපහාසාත්මක ලෙස බැණ විදිමින් ඒ වන විට සභා රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ටද වහාම දොට්ට බසින ලෙසට නියෝග කළේය. එතැන් සිට වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන් සහභාගි වන අවස්ථාවන් සදහා මාධ්‍ය ආවරණය ලබාදීමෙන් වැළැකී සිටීමට වයඹ පළාතේ සියලූ මාධ්‍යවේදීන් පොදු එකගතාවයකට පැමිණි අතර එම තීන්දුව මේ දක්වාම ක‍්‍රියාත්මක වෙමින් පවතී.

මෙම සාකච්ඡාව කැදවෙන්නේ මාධ්‍යවේදීන් සමග පවතින විරසකය වහාම විසදාගන්නා ලෙසට පසුගිය දිනෙක උත්සවයක් සදහා කුරුණෑගලට පැමිණි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාට නියෝගයක්ද කර ඇති පසුබිමකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article