Thursday, March 28, 2024

“ බඹසරේට මක් වුනාද කියන්න දේවී “ කුණු ඇසින් නොව කවි ඇසින් දකිනු පිණිසය…

Must read

පහත දැක්වෙන්නේ එන්. එස්. අයි . සංඛ මහතා විසින් නිසදැස් කවි ගී අරණ පිටුවට එකතු කර තිබූ ඔහුගේ නිර්මාණයකි. කලෙකින් කියැවූ රසවත් කවි පන්තියක් වීම මෙන්ම එහි ඇති කාලීන බවද එම කවි පන්තිය යළි යළිත් කියැවීමට මා පෙළඹවීය. මෙම නිර්මාණය හරහා උපහාසය, හාස්‍යය මෙන්ම අනුකම්පාවද එක විට පාඨකයාගේ සිතෙහි ජනිත කරවීමට කවියා සමත් වූ බවක් හැගී ගියේය. කවිය සදහා යොදාගෙන ඇති නිමිත්ත, වචන ගැලපීම සහ පෙළගැස්මද අපූර්වත්වයක් දනවයි. එන්. එස්. අයි . සංඛ මහතාගේ උත්සාහය ඇගයීමේ අරමුණින් මෙන්ම එය වැඩිදෙනෙකුට කියැවීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් යුතුව එය නැවත පළකිරීමක් ලෙස එම කවි පන්තිය අප වෙබ් අඩවියේ මෙලෙස පළකෙරෙයි.

කරුණාකර මෙම වටිනා නිර්මාණය දෙස කවි ඇසකින් සහ සාහිත මනසකින් පමණක් බලන ලෙසත් ඒ ඇසුරින් සාහිත්‍යමය සංවාදයක පමණක් යෙදෙන ලෙසටත් මෙය කියවන සියලු දෙනාගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිනු ලැබේ.

( එන්. එස්. අයි . සංඛ මහතාගේ මුල් නිර්මාණයට කිසිදු හානියක් නොවන අයුරින් එය නැවත පළකිරීම කළ යුතු නිසාවන් , ඔහු විසින් මුල් නිර්මාණය එළිදැක්වීමට යොදාගෙන තිබූ ඡායාරූපයද සහිත කිසිදු වෙනසක් නොකළ සම්පූර්ණ කවි පන්තියම මෙහි පළ කර ඇත. කවි රසිකයින්ගේ උසස් රසවින්දනය උදෙසා මුල් නිර්මාණයේ පැවැති අක්ෂර වින්‍යාස දෝෂ කිහිපයක් නිවැරදි කිරීම සහ එළිසම පිළිවෙල සකස්කිරීම පමණක් අප විසින් සිදු කළ බව කරුණාවෙන් සලකන්න. )

සංස්කාරක.

sudu redda

” සුදු රෙද්ද “

අම්මලාගේ හිත හදන්න ගත්තු  මනාලී
මධු සමයට කලින් දීග ගිහින්     කුමාරී
ගත්තු මගුල අවමගුලක් උනා      දයාවී
බඹසරේට මක් වුනාද කියන්න    දේවී

ගොඩක් වෙලා ගියෙත් නෑනේ පළමු දවසේ    මට
උඹත් බකන් නිලන් හිටියේ මූණ        හරෝගෙන
සීතා ලැබුණු රාමා වගේ හිතත්               හදාගෙන
බලාහිටියේ වඩින තුරා පිරිසිදු                    භාවය

දෑවැද්දට කාර් එකයි තට්ටු දෙකේ              ගෙයයි
උන්ගේ පියා අපෙ උන්ගේ කටේ සල්ලි         ඔබයි
මලෙන් උපන් සිරියාවිය පෙලක් එවුන්         කියයි
අහෝ මලේ තතු දන්නෙ වෙහෙස නොවුණු   මමයි

සමාවෙන්න “අයියා” මම බඩුවක් හෙම   නෙවෙයි
එකෙක් මාව රැවැට්ටුවා මේ ඌ මට කළ    විනෙයි
අටපට්ටම් කරන් මූණ කිබුල් කඳුලු           හෙළයි
ඇදුම් නැතිව තුරුල් වෙවී සිරියාවිය             කියයි

දෙවනි දවසේ රතු සාරිය කැප නෑ උඹේ   ඇගට
සුදු රෙද්දට ලේ ගත්තේ කපලා මගේ      කලව
ගෙට ගත්තා අපේ එවුන් ඉබලා උඹේ        මූණ
පිළිගත්තා උජාරුවට දැකලා සුදු              රෙද්ද

එන්. එස්. අයි . සංඛ

(නිසදැස් කවි ගී අරණ පිටුවට එකතු කර තිබූ නිර්මාණයකි. )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article