Tuesday, April 23, 2024

ඔන්න 4GB RAM එකක් තියන ෆෝන් එකක් එන්නලු යන්නේ.

Must read

අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන පරිගණක වල තියෙන්නේ 2GB විතර රැම් එකක්. ඉස්සරනං තිබ්බේ 512MB එහෙම නැත්තන් 1GB RAM එකක්. කාලයත් එක්ක මේ දේවල් වෙනස් වෙලා තියනවා. දැන් නම් 4GB , 6GB ප්‍රමාණයේ RAM තියන පරිගණක හොයාගන්න එකත් එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒත් 4GB RAM එකක් තියන ෆෝන් එකක් ගැන කිව්වම ඕන කෙනෙක් පුදුම වෙන්න පුළුවන්. මොකද ෆෝන් එකකට ඒවගේ ලොකු RAM එකකින් ප්‍රයෝජනයක් තියනවා ද කියන ප්‍රශ්නය එන හින්දා. කොහොමහරි තව දවස් කිහිපයකින් ඒ කියන්නේ ජූනි 8 වනදා Huawei සමාගම එළිදක්වන්න බලාපොරොත්තු වෙන Honor 7 දුරකතනයේ 4GB RAM එකක් තියනවා කියල මේ වෙනකොටත් ආරංචි මාර්ග පැතිරෙමින් පවතිනවා. ඒවගේම මේකේ දුරකථන මාදිලි දෙකක් එන බවත් එක දුරකතනයක 3GB RAM එකක් අන්තර්ගත වන බවත් පැවසෙනවා. අඟල් 5ක Full HD තිරයක් සහ මෙගාපික්සල් 13ක කැමරාවකින් ද සමන්විත වන බවට දැනගන්නට ලැබෙනවා. මේ දුරකථනයත් Android දුරකතනයක් වන අතර Android Lollipop 5.0 මත ක්‍රියා කරන බවත් දැනගන්නට ලැබෙනවා. දුරකතනයේ විශාල ධාරිතාවක් සහිත 3,280mAh බැටරියක් තියනවා ලු. මේ ගැන වැඩි විස්තර ජූනි 8වෙනිදා ට දැනගන්න පුළුවන්.

උපුටාගැනිම – sira.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article