Thursday, April 25, 2024

ලෝකයේ වැඩියෙන්ම මොලේ තියන සත්තු 10 මෙන්න.

Must read

මිනිසා යන වචනයේ අර්ථය වන්නේ මනසින් උසස් යන අර්ථයයි. මිනිසාගේ මනස ඉතාමත් දියුණු මට්ටමක පවතින හින්ද තමයි අපි ජීවත් වන මේ ලෝකය තාක්ෂණයත් එක්ක ඉදිරියට පිය මනින්නේ. මිනිසාට පස්සේ ලෝකයේ ඉන්න අනිත් සතුන් දෙස අපේ අවධානය යොමු කරද්දී අපිට පේන දෙයක් තමයි මිනිසාගේ මට්ටමටම නොවුවත් යම් මට්ටමකට දියුණු මනසක් ඇති සතුන් අප අවට පරිසරයේ ජීවත් වන බව.

1.Chimpanzees(චිම්පන්සියා)

මිනිසුන්ට ඉතාමත් සමීප චිම්පන්සින් දෙවර්ගයක් සිටිනවා. චිම්පන්සින් තමන්ට අවශ්‍ය උපකරණ ආදිය තමන් විසින්ම සකසා ගන්නවා. සාමුහික වශයෙන් එකතු වී දඩයම් කිරීමේ ක්‍රම මෙන්ම , බාහිර බලපෑම් මත හැඩගැසීම, නායකත්වය, තමන්ගේ තත්වය පිලිබඳ සැලකිල්ල වගේම නොමග යැවීම ආදී කටයුතු සිදු කරන්නත් පුළුවන්. ඒවගේම තමයි විවිධ සංකේත වගේම මානව භාෂාවේ එන සමහර සම්බන්ධතා වගේම අංක පිලිබඳ අවබෝධය සහ ස්වයංසිද්දව අනාගත සිදුවීම් වල හැඩගැසීමේ ගතියක් පෙන්වයි.

2.Elephants(අලියා)

ඔව්. අපි නිතරම දකින අලියාත් මෙම ලැයිස්තුවට අයිති වෙනවා. අලියා තමන්ගේ රුව පිළිබඳව අවබෝධයෙන්ලු ඉන්නේ. කණ්නාඩියක් ඉස්සරහට ගියාම අලියා තමන්ගේ රුව හඳුනා ගන්නවලු. අලියන් ද විවිධ මෙවලම් භාවිත කරන බව පැවසේ. නමුත් ඒවා චිම්පන්සියන් භාවිත කරන තරම් දියුණු ඒවා නොවේ.

අලියන්ට ඉතා හොඳ මතයක් තියනවා කියල ජනතාව අතර මතයක් පවතිනවා. තවද මෙම අලියන් තමන්ගේ මියගිය සගයන්ට යම් කිසි ආකාරයක් චාරිත්‍ර ඉටුකිරීමක්ද දැකගත හැක.

3.Dolphins(ඩොල්ෆින්)

ඩොල්ෆින් කිවූ සැනින් අපේ සිතට එන්නේ ඉතාමත් සුන්දර චිත්ත රුපයක්. ඩොල්ෆින්ලාගේ බුද්ධි මට්ටම ගැන කතා කරන කොට පරීක්ෂකයන් පවසන්නේ ඔවුන්ට අලියන්ට  සමාන බුද්ධි මට්ටමක් ඇති බවයි. ඔවුන්ට සංකීර්ණ ක්‍රීඩා හා සන්නිවේදන කුසලතා පිහිටා තිබේ. මෑතකදී සිදු කල පර්යේෂණයකට අනුව මුහුදු පතුලේ ආහාර සොයන අවස්ථා වලදී බොහෝ ඩොල්ෆින්ලා ස්පොන්ජ් කැබලි ඉරා තම නාසය සීරීම් වලින් ආරක්ෂා කරගැනීමට ඒවා නාසය වටා ඔතාගන්න ආකාරයක් දක්නට ලැබී තිබේ.

4.Parrots(ගිරවා)

ගිරවුන්ට මිනිසුන් කතා කරන භාෂාව අනුකරණය කරන්න පුළුවන් කියල හැමෝම දන්නා කාරණයක් නේ. නමුත් අප්‍රිකානු අළු ගිරවුන්ට නම් මීට වඩා තරමක් එහාට ගිහින් වචන වල අර්ථ පැහැදිලි වන ආකාරයේ සරල වගන්ති හදල කියන්න පුළුවන් හැකියාවකුත් තියනවා. Kea වැනි ගිරව් විශේෂ වලට මෙවලම් භාවිතය වගේම ප්‍රේහෙලිකා විසඳන්නත් පුළුවන් ලු.

5.Sheep(බැටළුව)

ඔව්, බැටළුවොත් මේ ලයිස්තුවේ ඉන්නවා. උන්ට පුළුවන්ලු එක එක මිනිසාගේ මුහුණු අවුරුදු ගානක් යනකන් උනත් මතක තියන් ඉන්න. මුහුණේ හැඟීම් ප්‍රකාශනය තුලින් එක් එක් පුද්ගලයා පසුවෙන තත්වය වටහා ගැනීමටත් ඔවුනට පුළුවන්. ඒ වගේම තමයි ඉවසීමෙන් යුතුව කටයුතු කරොත් වුන්ට වෙන වෙනම නම් ලබා දෙන්නත් පුළුවන්. ඒ අතරම සමහර බැටළුවන්ට ප්‍රශ්න විසඳීමේ හැකියාවත් තියනවලු.

6.Rats(මීයා)

මීයන්ටත් ඉතා හොඳට ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන්නේ. ඒවගේම අනිත් යට උපකාර වන ආකාරයෙනුත් කටයුතු කරනවලු. පර්යේෂණ වලදී අනෙක් මීයන්ට උපකාර කරනවලු. ඒ කියන්නේ උන්ව කුඩුවෙන් නිදහස් කරගන්නවා වගේ. උන්ට චොකලට් චිප් එහෙම ඇති තරම් දුන්නොත් එම පර්යේෂණයට භාවිත කරන මියා අනෙක් මීයන්වත් නිදහස් කරගෙන එම ආහාරය රස බලනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ.

7.Dogs(බල්ලා)

බල්ලන් යනු මිනිසාට ඉතාමත් සමීප සතුන් කොටසක් කිව්වොත් වඩා නිවැරදියි. සමාජ ව්‍යුහය සහ නොකළ යුතු දේ පිළිබඳව මනා අවබෝධයකින් ද යුක්ත මෙම සතුන්ට තම සගයින් සමග සන්නිවේදනය කරගැනීමටද හැකියාව තිබේ. මිනිසුන්ට ඉතා පහසුවෙන් පුහුණු කල හැකි ඉතා බුද්ධිමත් සතුන් කොටසක් ලෙසට සැලකේ.

8.Octopus(බුවල්ලා)

බුවල්ලා ඉතා නුවණැති සත්වයෙක්. කශේරු රහිත සත්වයන් අතර ඥානාන්විතම සත්වය ලෙස සැලකේ. නොයෙක් දෑ ඉගෙන ගැනීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතී. මාර්ගෝපදේශන හැකියාව, සහ විවිධ වූ විලෝපික උපක්‍රම භාවිතය හොඳ මට්ටමක පවතියි. තවද ඇතැමෙක් පවසන්නේ මොවුනට බලාසිටීමෙන් ඉගැනීමේ හැකියාවක් ඇති බවයි.

9.Crows(කපුටා)

ඉස්සර කාලේ කපුටෙක් කළයක අඩියේ තිබ්බ වතුර බීපු කතාවක් ඕගොල්ලෝ අහල ඇති නේ. ඊශ්‍රායලයේ වෙසෙන කපුටන් විශේෂයක් මාළුන් ගොදු කරගැනීම සඳහා කුඩා පාන් කැබලි ඇම විදියට යොදා ගන්න බව වාර්තා වෙනවා. තවත් සමහර කපුටන් විවිධ ක්‍රීඩාවල දීම මෙන්ම සැඟවී සිටීම සහ විවිධ ඍතු සඳහා ආහාර ගබඩා කර තැබීම යන ලක්ෂණද දැකිය හැක. නව  Caledonian කපුටා තම එඩි නෙදා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ මෙවලම් භාවිත කරන ආකාරයත් දැකගන්නට ලැබෙනවා. තවද මොවුන්දට එක් එක් මිනිසුන් ඔවුන්ගේ මුහුණේ ලක්ෂණ අනුව වෙන් කර හඳුනා ගැනීමටද සමත් වන බව වාර්තා වේ.

10.Pigeons(පරවියා)

ඈත අතීතයේ පණිවුඩ හිහුවමාරුවටත් පරෙවියන් යොදාගත්තා කියල හැමෝම වගේ දන්නවනේ. පරෙවියන්ට තරමක් සංකීර්ණ ක්‍රියා මෙන්ම යම්කිසි පිළිවෙලකට අනුව කටයුතු කරන ආකාරය ඉගැන්විය හැක. ඔවුනට විවිධ පිළිවෙලවල් වලට ප්‍රතිචාර දක්වන ආකාරය ද කියා දිය හැක. පරෙවියන්ට විශාල පින්තුර සංඛ්‍යාවක් දිගු කාලයකට වෙන වෙනම මතක තබා ගැනීමේ හැකියාවක්ද පවති.

උපුටාගැනීම www.sira.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article