Thursday, April 18, 2024

මයික්‍රොසොෆට් සමාගමෙන් Linux මෙහෙයුම් පද්ධතියක්

Must read

microsoft

හැමදාමත් තාක්ෂණික ලොව මවිත කරන්නට සමත් මයික්‍රොසොෆට් සමාගම තමන්ගේ නවතම මවිත කිරීමේ ප්‍රයත්නය ලෙස ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ තමන්ගේම කියා Linux මෙහෙයුම් පද්ධතියක් නිපදවීමේ ප්‍රයත්නයයි. මීළඟට එළිදැක්වීමට නියමිත Windows 10 නිකුත් කිරීමටත් ප්‍රථමයෙන් මෙලෙස ඔවුන් Linux මෙහෙයුම් පද්ධතියක් වෙත යෙොමු වීමට උත්සහ දරන බවයි ආරංචිය.

මීට මාස කිහිපයකට කලින් මයික්‍රොසොෆට් සමාගමේ විධායක නිළධාරිනියකු වන Satya Nadella මහතා ප්‍රකාශ කර සිටියේ තම සමාගම Linux මෙහෙයුම් පද්ධතිය පිළිබද ඇල්මක් දක්වන බවයි. ඇගේ එම ප්‍රකාශය ඒ වන විට හැමදෙනාගේම උනන්දුවට හේතු වූවත් මයික්‍රොසොෆට් සමාගම තමන්ගේම කියා Linux මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය  කරාවි යැයි කිසිවෙකු නොසිතන්නට ඇති.

මයික්‍රොසොෆට් සමාගමේ මෙම උත්සාහය ඇය විසින් එළි කරනු ලැබුවේ පසුගියදා චිකාගෝ නුවර පැවැති මයික්‍රොසොෆට් සමාගමේම උත්සවයකට සහභාතී වෙමින්. මෙහිදී ඇය Desktop Linux world වෙත පියවර තැබීමේ තමන්ගේ සැලසුම් පිළිබදවත් අදහස් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් නිර්මාණය කිරීමට නියමිත Linux මෙහෙයුම් පද්ධතිය නම් කර ඇත්තේ “Miux” ලෙසටයි. නමුත් එය උච්චාරණය වන්නේ මික්ස් (mix) ලෙසය බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මයික්‍රොසොෆට් ආයතනය තවදුරටත් පවසන්නේ තමන් නිතරම මුහුණ දෙන viruses හා malware සම්බන්ද ගැටළු වලින් මිදීමට වගේම තමන්ගේ නිශ්පාදනය ලොව ජනප්‍රිය කරගැනීම සදහා Linux සමාගම මුහුණ දෙමින් සිටින ගැටළුවට විසදුමක් ලබා ගැනීමටත් මේ හරහා හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි. එලෙසම   මයික්‍රොසොෆට් ආයතනය විසින් නිපදවන  Windows 10 මෙහෙයුම් පද්ධතියටත් මේ වන විටත් Linux හා ඇතැම් ගුණාංග ඇතුලත් කර ඇති බවත් ඔවුන් පවසනවා. ඒ නිසා Windows 10 හි interface එකට බොහෝදුරට සමාන වන ලෙස “Miux” නිපදවන බවත් ඔවුන් පවසනවා.

 

http://itsfoss.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article