Saturday, April 20, 2024

හෙණ ගෙඩි පුපුරන මහ වැස්සේ යක්විල කසිප්පු තිප්පොල වැටලෙයි. (VEDIO)

Must read

SAMSUNG CAMERA PICTURES

යක්විල, දුංගල්පිටිය ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් විසින් රජයේ ඉඩමක් තුළ හොර රහසේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලූ කුලියාපිටිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු විසින් ගෝඩා ඩ‍්‍රෑම්ස් 41940 ක් සහිත බැරල් 20ක්, කසිප්පු ඩ‍්‍රෑම්ස් 800 ක් හා කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකාර අඹුසැමි යුවළ පදිංචි නිවස පිටුපස පිහිටා ඇති මෙම රජයේ ඉඩම මේ වනවිට වල් බිහි වී කැලෑ රොදක් බවට පත් වී තිබේ. එම කැලෑරොද ප‍්‍රයෝජනයට ගත් සැකකාර අඹුසැමි යුවළ විසින් සිය නිවසේ සිට ජලය සහ විදුලිය සපයාගෙන එහි ඇතුළත කසිප්පු පෙරීමේ ජාවාරම ජයටම කරගෙන ගොස් තිබේ. පොලිසිය එම ස්ථානයට යනවිටත් සැකකාර අඹු සැමි යුවළ ගෑස් උදුන් යොදාගනිමින් එම ස්ථානයේ කසිප්පු පෙරමින් සිටියහ. වැටලීමෙන් බපසු එම ස්ථානයට පැමිණි සැකකරුගේ මව පොලිසියට ප්‍රකාශ කළේ තම පුත්‍රයා මෙම ජාවාරමෙන් ගලවාගැනීම සදහා ඔහුට බට්ටා ලොරි රථයක් පවා මිලදී ගෙන දුන් නමුත් ඔහු විසින් එම ලොරියද විකුණා දමා මෙම ජාවාරම දිගටම පවත්වාගෙන ගිය බවයි.

කුලියාපිටිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල කඩුපිටිය හා සහකාර පොලිස් අධිකාරී හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ප‍්‍රදීප් සෝමතිලක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් පතිරාජ (63575), පොලිස් කොස්තාපල් පියල් (11898) , රත්නායක (75572), පොලිස් කොස්තාපල් රියදුරු සංජීව (12023) යන නිලධාරීහු වැටලීමට සිදුකළහ.

අකුණු සහිත මහ වැසි ඇදහැලෙමින් තිබියදී පොලිස් නිලධාරීන් විසින් දැඩි දුෂ්කරතා මැඩගනිමින් සිදු කළ අදාල වැටලීමේ වීඩියෝව පහතින් දැක්වෙයි.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article