Saturday, April 20, 2024

වතුරට යටින් වාහන ගිය, හදිරවලානේ මහ ගංවතුර ! (VEDIO)

Must read

hadirawalana_floodඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් වැල්ලව, හදිරවලාන ප්‍රදේශයට ඊයේ පස්වරුවේ (15 දා) හදිසි ගංවතුර තත්වයක් ඇති විය.

මේ හේතුවෙන් හදිරවලාන ප්‍රදේශයේ නිවාස සහ වෙළදසැල් පනහකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවීම නිසා ඒවායේ හිමිකරුවන් දැඩි දුෂ්කරතාවයකට පත් වී සිටි අතර කුරුණෑගල – ගනේවත්ත මාර්ගයද හදිරවලාන ප්‍රදේශයේදී අඩි තුනකට වඩා උසකින් ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.

බොහෝ රියදුරන් විසින් ජල කද හරහා වාහන ධාවනය කිරීමට ඉදිරිපත් නොවූ නමුත් ඇතැම් රියදුරන් විසින් තම වාහනයේ බොනට්ටුව දක්වාම ජලයේ ගිලී තිබෙන බව දැක දැකම ජල කද මැද්දෙන් වාහන ධාවනය කළ අයුරුද එහිදී දැකගත හැකි විය.

එහි වීඩියෝව පහතින් දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article