Friday, April 19, 2024

බිරිදට අලවංගු පහර දී එලොව යැවූ සැමියෙකු 02 වැනිදා තෙක් රිමාන්ඩ්.

Must read

crow_bar
තම බිරිදට අලවංගුවකින් පහර දී ඝාතනය කළ බව කියන සැමියෙකු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගල්ගමුව මහේස්ත්‍රාත් ඒ. අයි. හෙට්ටියවත්ත මෙනවිය පෙරේදා (20 දා) නියම කළාය.

මෙලෙස ඝාතනයට ලක් වී තිබුණේ ජේ.එම්. ඉන්ද්‍රානි නැමැති 42 හැවිරිදි තිදරු මවකි.

සැකකාර ස්වාමි පුරුෂයා මෙම කාන්තාව අතහැර ගොස් දැනට වෙනත් කාන්තාවක් සමග ජීවත්වෙමින් සිටින අතර ඒ සම්බන්ධ නඩුවක්ද අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි. පසුගිය 19 වැනිදා සැකකාර ස්වාමි පුරුෂයා මෙම කාන්තාව හමුවීමට පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් සැකකරු විසින් කාන්තාවගේ හිසට අලවංගුවකින් පහර දී ඇතැයි  පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එහිදී බරපතල තුවාල ලැබූ කාන්තාව ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව බරපතල තත්වයෙන් පසුවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී තිබේ.

කාන්තාවට පහරදීමෙන් පසුව සැකකාර ස්වාමි පුරුෂයා  ගල්ගමුව පොලිසිය වෙත පැමිණ භාර වී තිබේ.

ගල්ගමුව මානෙල් පී හේවගේ 

(ඉහත දැක්වෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article