Friday, March 29, 2024

මේ සටහන අරණායක මිනිසුන් වෙනුවෙන් අක්කර තුනක් දන් දුන් වෙස්සන්තර පරපුරේ කපුරුබණ්ඩා මාමා වෙනුවෙනි !

Must read

Mother Holding Child's Hand

තමන් සතු අක්කර නවයෙන් තුනක් විපතට පත් වූ මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට තරම් පිං සිතක් සහිත අපූරු මිනිසෙක් පිළිබදව පුෂ්පා වීරසේකර සොයුරිය සිය මුහුණුපොතේ තබන සටහනක් හරහා අනාවරණය කර තිබිණි. බෝධිසත්ව ගුණෝපේත මේ මිනිසාගේ ඡායාරූපයක් හෝ සොයාගන්නට පැය කිහිපයක් තිස්සේ  අප  වෑයම් කළත් එය අසාර්ථක වූ තැන පුෂ්පා වීරසේකර සොයුරිගේ සටහන මෙලෙස නැවත පළකරන්නේ ඔහු වෙනුවෙන් පිරිනැමෙන උත්තමාචාරයක් ලෙසිනි. 

‘‘ අරණායක ගෙවල් නායගිය පිරිසට තමන්ට අයිති අක්කර නවයෙන් අක්කර තුනක් පරිත්‍යාග කර දුන් පාදෙනිය , වේපත්අංග කපුරුබංඩා මහතාට අපේ ප්‍රණාමය පුද කරමු.

ගංවතුර හා නායයෑම ගැන කලකිරුණු මේ මිනිසා පාපැදියෙන් තමන්ගේ වැඩ කටයුතු කරගන්නා අහිංසක ගැමියෙක්.

තමන්ගේ දේපලින් කොටසක් දන් දෙන්න ඕනා කියා සිතිවිල්ල ආව වෙලාවෙම පාදෙනිය පන්සලට ඇවිත් ඒක විහාරාධිපති හිමියන්ට පවසලා. ඒ වෙලාවෙම පන්සලට වෙනත් කටයුත්තකට ඇවිත් හිටිය වාරියපොල ප්‍රාදේශිය ලේකම්තුමා ඒ කටයුත්ත නීත්‍යානූකුල කරන්න කටයුතු කරලා.

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා මේ ඉඩමට විදුලිය මාර්ග ඈ ආදි සියල්ලෙන් සපිරියි. පොල් තේක්ක හදාපු වටිනා ඉඩමක්.අවතැන් ජනයාට ලැබෙන දේත් ගසාකන අයටත් පාඩමක් කියාදෙන මෙවැනි මිනිසුන්ට වාසනාව ලැබේවා.!”මට අක්කර පහ හයක් ඇති මගෙ කෙල්ලො දෙන්නට.මේ මැරෙනටිකට මට මොන ඉඩම්ද”  ඔහු කියලා තිබ්බා.  “

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article