Saturday, April 20, 2024

ජීවිතය ගැටගහන්නට පොළ වෙළදාමට ආ මවකගේ ජීවිතයම උදුරාගත් මාරක අනතුර (CCTV දර්ශණ)

Must read

cctv_accidentකුලියාපිටිය සතිපොළේ වෙළදාම් කටයුතු සදහා පැමිණ සිටි කාන්තාවක් ඊයේ (02 දා) අලුයම පාර හරහා මාරුවීමට උත්සහ කිරීමේදී වේගයෙන් පැමිණි ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට පත්වන ආකාරය කුලියාපිටිය නගරයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා කිහිපයක මෙලෙස සටහන් වී තිබිණි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ හෙංගමුව, කොබෙයිගනේ ප‍්‍රදේශයේ පදිංචි බමුණුසිංහ මුදියන්සේලාගේ දයාවතී නැමති වයස අවුරුදු 72ක පමණ කාන්තාවකි.

අනතුර සිදුකළ ලොරි රථ රියදුරු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට නියෝග කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා මිය ගිය කාන්තාවගේ ඥාතීන් වෙත රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කළේය.

එලෙස වන්දි මුදල් නියම කෙරුණේ මහ ඇඹෝගම, ගල්ගමුව ප‍්‍රදේශයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ සමීර මදුසංඛ සෙනවිරත්න නැමැත්තෙකි.

දිවුලපිටියේ පිහිටි කුකුලු ගොවිපලක සේවයේ නියුතු සැකකරු හෙට්ටිපොල ප‍්‍රදේශයේ පිහිටි ගොවිපල කිහිපයක් වෙත කුකුලු පැටවුන් ප‍්‍රවාහනය කර ආපසු දිවුලපිටිය බලා යමින් සිටියදී කුලියාපිටිය සතිපොල ඉදිරියේදී ඊයේ අලුයම 5. 19 ට පමණ මෙම මාරක අනතුර සිදු විය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article