Wednesday, April 24, 2024

ජනතාව රස්තියාදු කළැයි ජවිපෙ මන්ත්‍රීගෙන් ඇමැති ටී. බී.ට කුණු බැණුම් ! (VIDEO)

Must read

namalතිරසර සංවර්ධන සහ වනජීවි අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන අලි කොරිඩෝ වෙන්කිරීමේ ව්‍යාපෘතිය පිළිබදව කැදවා තිබූ සාකච්ඡාවක් විධිමත් දැනුම්දීමකින් තොරව අවලංගු කර තිබීම පිළිබදව උරණ වූ ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා අදාළ සාකච්ඡාව කැදවා තිබූ රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට දුරකථනය ඔස්සේ බැණ වදින අයුරු දැක්වෙන රූප රාමු පෙළක් අප වෙත ලැබී තිබේ.

පොල්පිතිගම, කට්ටම්බේරියයාය ප‍්‍රදේශයේ ජනතාව අලි කොරිඩෝ වෙන්කිරීම පිළිබදව දැඩි විරෝධයක් පළකිරීම නිසා ඒ පිළිබද සාකච්ඡා කිරීමට අමාත්‍ය ජයවික‍්‍රම පෙරේරා ඇතුලු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 29 වැනිදා අදාළ සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නමුත් ඊට සහභාගිවීමට සිටි මැති ඇමැතිවරුන් විසින් අදාල සාකච්ඡාව හදිසියේ අවලංගු කර ඇති අතර ඒ පිළිබදව ජනතාවට විධිමත් ලෙස සන්නිවේදනය නොවීම නිසා නියමිත දිනයේදී ඊට සහභාගිවන්නට ජනතාව විශාල පිරිසක් පැමිණ තිබේ.

මේ ඒ පිළිබදව විමසීම සදහා අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් නාමල් කරුණාරත්න මහතා අතර ඇති වූ සංවාදයයි.

දර්ශණ අනුග්‍රහය – වීරරත්න බණ්ඩාර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article