Thursday, March 28, 2024

‘සියල්ලට ඉහළින් ‘ වෙනුවට ‘සියල්ලට වෙනස් ‘ ඇහැකින් සාලාව දෙස බැලූ ශෙහාන්ගේ පින්තූර හරඹ!

Must read

සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරායාම පිළිබදව මෙරට සෑම ජනමාධ්‍ය ආයතනයක් විසින්ම  පසුගිය සතිය පුරා වැඩි බරක් තබමින් වාර්තාකරණයේ යෙදුණු ආකාරය දැකගත හැකි වූ අතර අදාල පිපිරීමෙන් සිදු වූ හානිය සහ විනාශය ඉස්මතු කර පෙන්වීම පිණිස ඒ හැම මාධ්‍යක්ම විසින්ම මහත් වෑයමක් ගෙන තිබිණි.  හමුදාව විසින් තහනම් කෙරුණු තැන්වලට ඇතුල් වී ලබාගත් ඡායාරූප පමණක් නොව ඩ්‍රෝන කැමරා මගින් ඉහළ අහසේ සිට ලබා ගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශණද ජනතාව වෙත මුදාහැරීමේ තරගයක මෙරට සියලු විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් නියැලී සිටි බවක්ද පෙනී ගියේය.  සතියකට ආසන්න කාලයක් ගෙවීයද්දී , සුපුරුදු පරිදිම මේ වන විට සාලාව පුපුරායාම පිළිබදව මතකය මෙරට ජනසමාජයෙන් කෙමෙන් කෙමෙන් මැකී යමින් පවතින වකවානුවක ඒ පිළිබදව මාධ්‍ය අවධානයද හීනවීගෙන යන සෙයක් පෙනේ. කෙසේවෙතත් සාලාවේ විනාශය උත්ප්‍රාසයට නැගීම වෙනුවෙන් ඇති වී තිබූ මාධ්‍ය තරගයද වියැකී යමින් පවතින  අතරේ ඡායාරූප ශිල්පි ශෙහාන් ගුණසේකර විසින් ඔහුගේ කැමරාවට හසුකරගෙන තිබූ සාලාව යුද හමුදා කදවුර ආශ්‍රිත ඡායාරූප පෙළක් ඔහු විසින් මුහුණුපොතට මුදාහැර තිබිණි. ඩ්‍රෝන කැමරා මෙහෙයුම් පවා යොදාගනිමින් මෙරට බහුතර මාධ්‍ය ආයතන ගණනාවක් විසින් ජනතාව වෙත කාන්දු කරවන්නට උත්සාහ කළ ‘විනාශයේ තරම‘  ශෙහාන් විසින් අවම පහසුකම් මධ්‍යයේ ඊට වඩා සිය දහස් ගුණයකින් ප්‍රබලව ජනතාව වෙත ලබාදෙන්නට සමත් වී ඇති බවට එම ඡායාරූප පෙළ සාක්ෂි දරයි.  බොහෝ මාධ්‍යයන් විසින් ‘සියල්ලට ඉහළින්‘ දකින්නට උත්සාහ කළ සාලාව යුද හමුදා කදවුරේ පිපිරීම දෙස ශෙහාන් විසින් ‘සියල්ලට වෙනස්‘ ඇහැකින් බලා තිබිණි.  ප්‍රතිඵලය වී ඇත්තේ පත්තර පිටු  දහස් ගණනකින් හෝ පැය ගණනාවක රූප රාමුවලින් හෝ මතු කරන්නට අසමත් වූ සාලාවේ සැබෑ විසාලාව ශෙහාන්ගේ සරල කැමරා කෝණවලින් එළියට පැනීමය.  ඡායාරූප ශිල්පි ශෙහාන් ගුණසේකර විසින් ඔහුගේ පිටුව හරහා මුහුණුපොත වෙත මුදාහැර තිබුණු ඡායාරූපවලින් කිහිපයක් ඔහුගේ කිසිදු අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව අප විසින් මෙලෙස යළි පළකරන්නේ ඔහුගේ කුසලතාවයට මෙන්ම කැපකිරීමටද ගරු කිරීමක් වශයෙනි. එමෙන්ම මෙරට ජනමාධ්‍ය කර්මාන්තය තුළ අඩු මිලක් මෙන්ම අඩු වටිනාකමක් හිමි වී ඇත ඡායාරූප ශිල්පීන්  පිළිබදව වැඩි අවධානයක් යොමුවිය යුතු බවට කෙරෙන පණිවිඩයක් වශයෙනි.

අදාළ ඡායාරූප කියවන්නට පෙර ශෙහාන් විසින් මුහුණුපොතට එකතු කර තිබූ මෙම සටහනද කියැවීම එම ඡායාරූප තේරුම් ගැනීමේ ලා මහෝපකාරී වන බවද කරුණාවෙන් සලකන්න.

 ස්වරූප – යුද ජයග්‍රහණයෙන් සත් වසකට පසු ‘උතුර’ දකුණේ සමාජයට අභිමුඛ වීම

2016 ජූනි 05 දින කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ මධ්‍යම අවි ගබඩාවේ ඇතිවූ පිපිරීමෙන් පසු එම ප්‍රදේශයේ කල සංචාරයක රූප පෙළකි. (මෙම ඡායාරූප “කල්ඉකුත් වූ” ප්‍රවෘත්ති ඡායාරූප බව කරුණාවෙන් සලකන්න !)

shehan_salawa_1 shehan_salawa_2 shehan_salawa_3 shehan_salawa_4 shehan_salawa_6 shehan_salawa_5 shehan_salawa_7 shehan_salawa_8 shehan_salawa_9 shehan_salawa_10 shehan_salawa_11 shehan_salawa_12 shehan_salawa_13 shehan_salawa_14 shehan_salawa_15 shehan_salawa_16 shehan_salawa_17 shehan_salawa_18 shehan_salawa_19 shehan_salawa_20 shehan_salawa_21 shehan_salawa_22 shehan_salawa_23

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article