Thursday, April 25, 2024

අනතුරක් බේරන්න ගිය නයිනමඩමේ ත්‍රීවිලරයකුත් මහ පාරේ කරණම් ගහයි.

Must read

නයිනමඩම, හියු ප්‍රනාන්දු මාවතේදී ඊයේ (16 දා ) රාත්‍රියේදී යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරුකරුවෙකු රෝහල්ගත කළ බව වෙන්නප්පුව පොලිසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මුට්ටුව ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය ලෙස්ටර් ප්‍රනාන්දු (50) නැමැති අයෙකි.

ත්‍රිරෝද රථ රියදුරා විසින් අනතුර වළක්වාගැනීමට උත්සහා කිරිමේදී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇති අතර යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවත්, ත්‍රිරෝද රථ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවීමට ගිය බරපතල රිය අනතුරක් වැළැකී ගොස් ඇති බවද පොලිසිය කියයි.

මාරවිල රෝහලට ඇතුලත් කෙරුණු යතුරුපැදිකරුගේ තත්වය බරපතල නොවන බවද රෝහල් අරංචි මාර්ග කියයි.

නයිනමඩම චන්දන ප්‍රනාන්දුwennappuwa_3weel_3 wennappuwa_3weel_2 wennappuwa_3weel_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article