Breaking News

වයඹ සරසවිය බේස්බෝලයෙන් දිනයි.

වයඹ විශ්වවිද්‍යාලය මගින් සංවිධාන කළ අන්තර් විශ්වවිද්‍යාල බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වයඹ විශ්ව විද්‍යාල කණ්ඩායම සමත් විය.

වයඹ විශ්ව විද්‍යාලයේ මාකදුර කෘෂිවිද්‍යා පීඨ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනුශූරතාව කැලණිය විශ්වවිද්‍යාලය කණ්ඩායම විසින් දිනාගනු ලැබීය. තරගාවලිය සදහා විශ්වවිද්‍යාල 4ක් නියෝජනය කරමින් බේස්බොල් කණ්ඩායම් හතරක් තරග වැදුණහ.

ලීග් තරගාවලියක් ලෙස පැවැති බේස්බෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවිය.

වයඹ විශ්වවිද්‍යාලය විසින් බේස්බෝල් තරගාවලියක් සංවිධාන කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

දිනමිණ වෙබ් අඩවිය අැසුරෙනි.wayamba_bassball

 

About meepurawayamba

Check Also

hiriyala_slfp_press_3

‘‘ මහනුවර මැයි රැළිය මගහැර වෙනත් මැයි රැළිවලට යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු පක්ෂයෙන් නෙරපන්න ! “

පක්ෂය විසින් මහනුවරදී සංවිධානය කරන මැයි දින රැළියට සහභාගි නොවී වෙනත් මැයි රැළිවලට සහභාගිවන ශ‍්‍රීලනිප ...