Friday, March 29, 2024

වයඹ සරසවිය බේස්බෝලයෙන් දිනයි.

Must read

වයඹ විශ්වවිද්‍යාලය මගින් සංවිධාන කළ අන්තර් විශ්වවිද්‍යාල බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වයඹ විශ්ව විද්‍යාල කණ්ඩායම සමත් විය.

වයඹ විශ්ව විද්‍යාලයේ මාකදුර කෘෂිවිද්‍යා පීඨ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනුශූරතාව කැලණිය විශ්වවිද්‍යාලය කණ්ඩායම විසින් දිනාගනු ලැබීය. තරගාවලිය සදහා විශ්වවිද්‍යාල 4ක් නියෝජනය කරමින් බේස්බොල් කණ්ඩායම් හතරක් තරග වැදුණහ.

ලීග් තරගාවලියක් ලෙස පැවැති බේස්බෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවිය.

වයඹ විශ්වවිද්‍යාලය විසින් බේස්බෝල් තරගාවලියක් සංවිධාන කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

දිනමිණ වෙබ් අඩවිය අැසුරෙනි.wayamba_bassball

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article