Friday, April 19, 2024

පොලිස්පති ඉස්කෝලේ යයි ! (VIDEO)

Must read

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ධූරයට පත්වීමෙන් පසුව ඊයේ (15 දා) පළමුවරට සිය උපන්ගම් ප්‍රදේශයෙහි  සංචාරය කළේය.

පොලිස්පතිවරයා පිළිගැනීම වෙනුවෙන් ඒ මහතා මූලික අධ්‍යාපනය ලැබූ මූකලන්යාය තක්සලා මහා විද්‍යාලයේදී පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණු අතර බෝගමුව විහාරස්ථානයේදී සහ බෝගමුවේ පිහිටි පොලිස්පතිවරයාගේ මහගෙදරදීත් පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබිණි. තක්සලා මහා විද්‍යාලයේ පැවැති උත්සවය සදහා පොලිස්පතිවරයාට එම විද්‍යාලයේදී ඉගැන්වීම් කළ දැනට සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ගුරු මාතාවක්ද සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.  උත්සවය ආරම්භවීමට පෙර පොලිස්පතිවරයා  තක්සලා මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සමග ඡායාරූපයකටද පෙනී සිටියේය.

තක්සලා විද්‍යාලයේ පැවැති පිළිගැනීමේ උත්සවයේ වීඩියෝ සහ ඡායාරූප පහත දැක්වෙයි.

igp_takshala_2 igp_takshala_1 igp_takshala_3 igp_takshala_5 igp_takshala_4 igp_takshala_6 igp_takshala_7.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article