Saturday, April 20, 2024

ජානිපෙ මාවතගම සංවිධායක ඇතුලු දෙදෙනෙක් ත‍්‍රිරෝද අනතුරකින් මරුට.

Must read

naradha_death_0අධික වේගයෙන් ධාවනය වූ ත‍්‍රිරෝද රථයක් කුරුණෑගල, කැප්පිටිගල මාර්ගයේ කවිසිගමුව ප‍්‍රදේශයේදී පෙරළී ගොස් ඉදිරියෙන් ධාවනය වෙමින් පැවැති ලොරි රථයක ගැටීමෙන් ත‍්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ තවත් අයෙකු අසාධ්‍ය තත්වයෙන් පෙරේදා (10 දා) පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පෙරේදා පස්වරු 3.45 ට පමණ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ කුරුණෑගල, ඉදුල්ගොඩකන්ද ප‍්‍රදේශයේ පල්ලේගෙදර විදානදේවගේ නාරද දේශප‍්‍රිය නැමැති 29 හැවිරිදි තරුණයෙකු සහ ඉදුල්ගොඩකන්ද ප‍්‍රදේශයේම පදිංචි රන්පටිදේවගේ උදන්ශක නැමැති 26 හැවිරිදි තරුණයෙකි. මියගිය නාරද දේශප‍්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ මාවතගම ආසන සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කරමින් සිටියේය.

මෙම පිරිස රැගත් ත‍්‍රිරෝද රථය රිදීගම දෙස කුරුණෑගල දෙසට අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, කවිසිගමුව රණවිරු අභිමංසල ආසන්නයේ පිහිටි තියුණු වංගුවක් ගැනීමේදී වේගය පාලනය කරගත නොහැකිවීමෙන් ත‍්‍රිරෝද රථය පෙරළී ගොස් ඇති බවත් පොලිසිය කියයි. එම අවස්ථාවේදී මාර්ගයේ අනෙක් පසින් රිදීගම දෙසට ධාවනය වෙමින් පැවැති ලොරි රථයේද ත‍්‍රිරෝද රථය තදින් ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ත‍්‍රිරෝද රථයේ සිටි එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර අනෙක් පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. අසාධ්‍ය තත්වයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු 25 හැවිරිදි අනෙක් තරුණයාද ඉදුල්ගොඩකන්ද ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට එහි දැඩි සත්කාර ඒකකයේ වැඩිදුර ප‍්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර රිදීගම පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එම්. එම්. එච්. ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙයි.

අනතුරින් මිය ගිය ජාතික නිදහස් පෙරමුණේ මාවතගම ආසන සංවිධායක නාරද දේශප‍්‍රිය මහතාnaradha_death_1 naradha_death_6
අනතුරට පත් ත‍්‍රිරෝද රථයnaradha_death_7 naradha_death_5 naradha_death_4 naradha_death_2 naradha_death_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article