Wednesday, April 24, 2024

දොඩම්ගස්ලන්ද රත් කරමින් වැලිකන්ද ඇවිලෙයි ! ( VIDEO )

Must read

walikanda_fireදොඩම්ගස්ලන්ද, වැලිකන්ද කන්දේ ඊයේ (11 දා ) රාත‍්‍රියේ හටගත් හදිසි ගින්නකින් එහි පිහිටි ස්වභාවික වනාන්තරයෙන් අක්කර පනහකට වැඩි ප‍්‍රමාණයක් දැවී විනාශයට පත් වී තිබේ.

ඊයේ පස්වරුවේ කන්දේ එක් පසෙකින් ආරම්භ වී ඇති මෙම ගින්න ඊයේ මධ්‍යම රාත‍්‍රිය වන විට කන්දෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් වෙත පැතිරී ගිය බව ප‍්‍රදේශවාසීහු කියති. පෙරේදා රාත‍්‍රිය පුරා ඇවිලෙමින් තිබූ ගින්න අද (12 දා ) අඵයම් කාලයේදී ස්වභාවිකවම නිවී ගිය බවද ගින්න ඇසින් දුටුවෝ කීහ. ගිනිගත් වැලිකන්දේ ඇතැම් ස්ථානවලින් දුම් පිටකරමින් පවතින අයුරු සහ ඇතැම් ස්ථානවල ගිනි පුපුරු දැල්වෙමින් තිබූ ආකාරය අද දහවල් එහි ගිය අපට දැකගත හැකි විය.

ගින්න හේතුවෙන් වැලිකන්ද පාමුල පිහිටි ගම්මානවල වෙසෙන ජනතාවට හෝ ඔවුන්ගේ දේපළවලට කිසිදු හානියක් සිදු වී නැත. මෙම හදිසි ගින්න ලැව් ගිනි තත්වයක් නොවන බවත්, කිසිවෙකු විසින් සිතාමතා කළ ගිනි තැබීමක් හේතුවෙන් ඇති වූවක් බවත් ප‍්‍රදේශවාසීහු කියති.

වැලිකන්ද ගිනිගෙන තිබූ අයුරු සහ ගින්න හේතුවෙන් කන්දේ පිහිටි වනාන්තරයට හානි වී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප පහත දැක්වෙයි.

walikanda_fire_1 walikanda_fire_4 walikanda_fire_2 walikanda_fire_3 walikanda_fire_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article