Friday, April 19, 2024

දැදුරු ඔයට පෙරලුණු වෑන් රථයේ සිර වූ ජීවිත ප්‍රදේශවාසීන්ගේ දෑත්වලින් බේරුණු හැටි! (VIDEO)

Must read

bakmeegolla_van_0කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (20 දා ) පස්වරුවේ බක්මීගොල්ල පාලම මතින් ඉවතට පැන දැදුරුඔයට පෙරළීමෙන් එහි ගමන්කරමින් සිටි එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලැබූහ.

අද පස්වරු 1 ට පමණ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ ජාඇල ප්‍රදේශයේ පදිංචි මුතුපතිරණලාගේ පුංචිපතිරණ නැමැති 68 හැවිරිදි කාන්තාවකි.

වෑන් රථය පාලම මතින් ඉවතට පැන ඔය ඉවුරේ පිහිටි ගසක සහ විදුලි කණුවක ගැටී නැවතීම නිසා සිදුවීමට ගිය මහා විනාශයක් වැළැකී තිබිණි. ප‍්‍රදේශවාසීන් සහ මහමග ගමන් කරමින් සිටි පිරිස් එක්ව විසින් ඔය ඉවුරේ රැදී තිබූ වෑන් රථයේ සිටි තුවාල ලැබූවන් ඉන් ඉවතට ගෙන කඩිනමින් රෝහල් ගතකිරීමට කටයුතු කළහ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි එකම පවුලක සාමාජිකයින් පිරිසකි. මෙම පිරිස හිගුරක්ගොඩ පිහිටි ඥාති නිවසකට ගොස් ආපසු නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලිසිය කියයි. තුවාල ලැබූවන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අනතුර සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් වෑන් රථයේ සිර වී සිටි පුද්ගලයින් බේරාගෙන රෝහල්ගත කළ අයුරු දැක්වෙන වීඩියෝ දර්ශණ සහ ඡායාරූප පහත දැක්වෙයි.


bakmeegolla_van_1 bakmeegolla_van_2 bakmeegolla_van_3 bakmeegolla_van_4 bakmeegolla_van_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article