Friday, March 29, 2024

වයඔ පළාත් පොලිස් දින සංවත්සර සැමරුමේ ඇස ගිය තැන් (ඡායාරූප)

Must read

police_day_0150 වැනි පොලිස් දින සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කල වයඔ පළාත් උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21 දා) කුරුණෑගල මාලිගාපිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

ඊයේ උදෑසන මාළිගාපිටියෙන් පිටත් වූ පොලිස් මාර්ග පෙළපාලිය කුරුණෑගල මූලස්ථාන පොලිසිය ඉදිරිපිටදී පිළිගැනීම සදහා පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් නිලධාරින් සහ රාජ්‍ය නිලධාරිහු ඇතුලු පිරිසක්ද සහභාගි වී සිටියහ.

වයඔ පළාත් පොලිස් දින සැමැරුමට සමගාමීව කුරුණෑගල රතුකුරුස ශාලාවේදී සංවිධානය කර තිබූ “පොලිස් නෙත“ඡායාරූප දැක්ම පොලිස්පතිවරයාගේ අතින් ඊයේ පෙරවරුවේ විවෘත වූ අතර අශ්වාරෝහක, නිල සුනඛ, පෙරදිග හා අපරදිග සංස්කෘතික අංග සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ අංශයන්හි දස්කම් ප්‍රදර්ශණය කෙරුණු ටැටූ සංදර්ශනයක්ද ඊයේ පස්වරුවේ මාලිගාපිටියේදී පැවැත්විණි.

ඡායාරූප පොලිස් මාධ්‍ය ඒකකයෙනි.

police_day_1 police_day_2 police_day_3 police_day_4 police_day_5 police_day_6 police_day_7 police_day_8 police_day_9 police_day_10 police_day_11 police_day_12 police_day_13 police_day_14 police_day_15 police_day_16 police_day_17

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article