Wednesday, April 24, 2024

වතුර බොන ළිදකට මිනී ඔලු ගෙනැත් දැම්ම, පරණගම තෝමස් සති දෙකක් ඇතුළට.

Must read

Human skull, studio shot

දේවාලයකින් ලැබුණු උපදෙසකට අනුව උඩුබද්දාව, කප්පංගමුව, පරණගම ප‍්‍රදේශයේ ඉඩමක නිවැසියන් පානීය සපයාගන්නා ළිදකට මිනී ඔලු කටුවක් දැමූ බවට සැකපිට අත්අඩංගුවටගත් අයෙකු ලබන 07 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අද ( 24 දා ) නියම කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන තෝමස් ලයනල් පෙරේරා නැමැත්තෙකි.

ළිදෙහි ජලය ඉස පිරිසිදු කරමින් සිටි පිරිසකට ළිං පතුලේ තිබූ මිනිස් ඔලු කටුව හමු වී ඇති අතර නිවැසියන් විසින් ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කර තිබේ.

ළිදෙන් ගොඩගැණුනු හිස් කබල පිළිබදව පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය යාබද නිවසක පදිංචිකරුවෙකු වන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව දේවාලයකින් තමන්ට ලද උපදෙසකට අනුව මෙම මිනිස් හිස් කබල ළිදට ගෙනැවිත් දැමූ බවට පාපොච්ඡාරණය කර තිබේ.

කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article