Saturday, April 20, 2024

ප‍්‍රතිප‍්‍රහාර ඇරඹෙයි. මහජන පක්ෂයෙන් හදිසි මාධ්‍ය හමුවක් !

Must read

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා මහජන පක්ෂය විසින් අද පස්වරුවේ කුරුණෑගලදී හදිසි මාධ්‍ය හමුවක් කැදවා තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබදව ප‍්‍රතිචාර දක්වීම සදහා මහජන පක්ෂය මෙම මාධ්‍ය හමුව කැදවා ඇති බව වයඹ ටුඬේ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා මහජන පක්ෂය, මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටින පක්ෂයක් වන අතර එහි මහ ලේකම් , වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස මෙවර කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තරග කිරීමට ඉදිරිපත් වී සිටී.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය අතරතුරදී ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ නමද විශේෂයෙන් කෙරිණි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කළ ප‍්‍රකාශයෙන් උපුටා ගන්නා ලද එම කොටස මෙසේය.

” මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේක්ෂකත්වය දීමට මගේ කිසිම එකගත්වයක් නැහැයි කියන එක මම සෑම කෙනෙක්ටම ප‍්‍රකාශ කළා පක්ෂය තුළ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාරලා, විමල් වීරවංශගේ පක්ෂය, තිස්ස විතාරණලා, ඩියු ගුණසේකරලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මහජන පක්ෂය, පොඩි අප්පුහාමි මහතාගේ පක්ෂයේ මේ පක්ෂ නායකයෝ ඔක්කොම මේ ශාලාවට ගෙන්නලා,‍මෙහෙම තියාගෙන, මේ තිබෙන ලී වලට, බිත්තිවලට කථා කරන්න පුඵවන්නම් කථා කරලා කියයි මම කිව්වේ මොනවද කියලා හිටන්. මම ඒ නායකයින්  සියලූදෙනාට කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාට අගමැතිධූරය දෙන්නවත්, කණ්ඩායම් නායකත්වය දෙන්නවත් , අපේක්ෂකත්වය දෙන්නවත් , ඒ එකකටවත් මම එකග වෙන්නේ නැහැයි කියලා හිටන් මම ‍බොහොම පැහැදිලිව කිව්වා.   මම ඒක පැහැදිලිවම ප‍්‍රකාශ කළා. ඒ නායකයෝ බොහොම නරක විදිහට මට බැණ බැණ තමයි පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් ගියේ. “

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article