Wednesday, April 24, 2024

මෙරටදී පළමුවරට සංවිධානය කෙරෙන පොප් ඕකෙස්ට්‍රාවක් 29 වැනිදා කුරුණෑගලදී

Must read

ලාංකීය බටහිර සංගීත කලාවේ නව පෙරළියක් ඇති කරමින් මෙරටදී පළමුවරට සංවිධානය කෙරෙන පොප් ඕකෙස්ට්‍රා (pop orchestra)ප්‍රසංගයක රස මිහිර විදගැනීමට මෙරට සංගීතලෝලීන් වෙත අවස්ථාව උදා වී තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් මස 29 වැනිදා පස්වරු 6.30 කුරුණෑගල, මලියදේව බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී මෙම පොප් ඕකෙස්ට්‍රාව පැවැත්වීමට නියමිතව තිබේ.

කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න් ,පොප්, සොෆ්ට් රොක් (country and westen,pop,soft rock)වැනි ‍ශෛලීන් ගණනාවකට අයත් සංගීතය පොප් ඕකෙස්ට්‍රාවකට අඩංගුවන අතර පාසල් දරු දැරියන් සංගීත ගුරුවරුන් සියයකට අධික පිරිසකගෙන් සමන්විත මෙම වාදක හා ගායක කණ්ඩායමක් මේ සදහා ශිල්පීය දායකත්වය සපයයි. මෙම සංගීත කණ්ඩායමට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය හදාරන දරු දැරියන්ද ඇතුළත් වී සිටින අතර ඔවුන් විසින් ආගමික සහජිවනය ඇති කිරිම අරමුණු කරගනිමින් වෙසක් සහ නත්තල් වැනි ආගමික උත්සව මුල්කරගනිමින් සංගීතමය වැඩසටහන් පවත්වා තිබේ. මෙම පොප් ඕකෙස්ට්‍රා ප්‍රසංගය ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රථම ප්‍රසංගය වෙයි.

මෙම පොප් ඕකෙස්ට්‍රාවේ සියලු පුහුණුවිම් කිසිදු අයකිරිමකින් තොරව සිදුකර ඇත්තේ මලියදේව විදුහලේ බටහිර සංගීත අංශයේ සංගීතඥ දිනුක කහදවආරච්චි මහතා විසිනි.

මෙම නව සංගීතමය අත්දැකීම රසවිදිම සදහා කලාවට ලැදි සියලුදෙනාට සංවිධායක මඩුල්ල ආරාධනා කර සිටී.pop_orchestra_3 pop_orchestra_2 pop_orchestra_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article