Thursday, April 25, 2024

ආයතනයේ සභාපතිවරයා ඉදිරිපිටදීම කහටගහ පතල් කම්කරුවෝ අමාත්‍යංශයෙන් ආ ලිපි ඉරා දමති. (VIDEO)

Must read

patala_letterකහටගහ ග්‍රැෆයිට් ලංකා ආයතනය පුද්ගලිකරණය කිරීමක් නොකරන බව සදහන් කරමින් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයෙන් එවා තිබූ ලිපියක් ආයතනයේ සභාපතිවරයා ඉදිරිපිටදීම ඉරා දැමීමට පොළව අභ්‍යන්තරයේ උපවාසයක යෙදී සිටින කහටගහපතල් සේවකයින් ඊයේ (26 දා) රාත්‍රියේදී කටයුතු කළහ.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන ලේකම්වරයෙකු විසින් එවා තිබූ අදාල ලිපියද රැගෙන රිදීගම ප්‍රාදේශීය ලේකම් එම්.එස්.එම්. නවාස් මහතා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ආයතනයේ සභාපති අබ්දුල් මජීඩ් යන මහත්වරුන් කහටගහ පතළ වෙත පැමිණ සිටියහ.

කහටගහ ග්‍රැෆයිට් ලංකා ආයතනය පුද්ගලිකරණය කිරීමක් නොකරන බව සදහන් කරමින් නිකුත් කර තිබූ අදාල ලිපියෙහි ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ අගය එකතු කළ නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීමක් පිළිබදව සදහන් වී තිබීම පිළිබදව සේවකයින් දැඩි ලෙස විරෝධය පළකලහ. සභාපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා අතර සාකච්ඡාවේ යෙදී සිටියදීම සේවකයින් විසින් ලිපි ඉරා දැමූ අයුරු වීඩියෝවෙන් දැක්වෙයි.

පතල් කම්කරුවන්ගේ උපවාසය මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article