Saturday, April 20, 2024

කුලියාපිටියේ හෙදියන්ගෙන් රෝගීන්ට අනතුරු ඇගවීමක් .

Must read

ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීන් පිරිසකට ලබා දී ඇති බව කියන අවිධිමත් ස්ථාන මාරු වහා අවලංගු කරන ලෙස ඉල්ලමින් කුලියාපිටිය මූලික රෝහලේ සේවයේ නියුතු හෙද හෙදියන් පිරිසක් අද  එම රෝහල් පරිශ‍්‍රය ඉදිරිපිටදී විරෝධතාවයක යෙදුණහ.

වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් විසින් දැනට කුලියාපිටිය මූලික රෝහල තුළ සේවයේ යෙදී සිටින 70 කට අධික ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීන් පිරිසකට එකවර ස්ථාන මාරු ලබා දී ඇති බවට විරෝධතාවයේ යෙදුණු හෙද හෙදියන් පැවසූහ. ඇතැම් අවස්ථාවන්වලදී ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව පැය 18ක් පමණ එක දිගට සේවය යෙදෙන තමන් , ආපදා අවස්ථාවන්වලදී මෙන්ම ජාතික, සංස්කෘතික හා ආගමික උත්සව ආදිය පසෙකලා සේවාවට මුල් තැන දෙන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. එවැනි සේවාවක් කරමින් සිටින අතරතුරේදී වසර 30කට පමණ පසු හදිසියේම වයඹ පළාත තුළ පමණක් ක‍්‍රියාත්මක කිරීමට සැරසෙන මෙම ස්ථාන මාරු හේතුවෙන් තමන්ගේ වෘත්තීය ජීවිත පමණක් නොව පවුල් ජීවිත පවා අඩපණ වෙනු ඇති බව ඔවුහු කීහ.
දැඩි සත්කාර ඒ්කක වැනි ස්ථානවලට යොදවා සිටින විශේෂ පුහුණුව ලද හෙද නිලධාරීන් ස්ථාන මාරු කර ඒ වෙනුවට නව හෙද හෙදියන් යෙදවීමෙන් එහි අනිසි ඵලඩවිපාක රෝගීන්ටද අත්විදීමට සිදුවනු ඇති බවට අනතුරු ඇග වූ හෙද හෙදියෝ මැතිවරණයක් කැදවා ඇති අවස්ථාවක මෙම ස්ථාන මාරුවීම් ක‍්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සහ වයඹ පළාතට පමණක් මෙම ස්ථානමාරු ක‍්‍රියාත්මක කිරීමට ඇති හදිසි අවශ්‍යතාවය කුමක්දැයි ඔවුහු වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් විමසා සිටියහ.

සටහන සහ ඡායාරූප –  කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර සේරසිංහ

Hospital 03 Hospital 02 Hospital 01

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article