Thursday, April 25, 2024

රත්කරව්ව වෙඩි තැබීමෙන් මිය ගිය SI ලබන මාසයේ පෙන්ෂන් යන්න සිටි අයෙක්.

Must read

rathkarawwa_0කුරුණෑගල, රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී ඊයේ රාත්‍රියේ එල්ල වූ මිය ගිය උප පොලිස් පරීක්ෂක එල්. එච්. එම්. දසනායක මහතා ලබන දෙසැම්බර් මස 01 වැනිදා සේවයෙන් විශ්‍රාමයාමට නියමිතව සිටි අයෙක් බව ඔහුගේ ඥාතීහු කියති.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි දසනායක මහතා කුරුණෑගල වදුරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය යන විට 59 හැවිරිදි වියෙහි පසු වූ ඒ මහතා දරු දෙදෙනකුගේ පියෙකි.

වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලිස් රියදුරෙකු වන අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ශල්‍ය කර්මයකට ලක්කෙරුණු හෙතෙම බරපතල තත්වයෙන් එහි දැඩි සත්කාර ඒකකයෙහි ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි. වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ අනෙක් පොලිස් කොස්තාපල්වරයාගේ පාදයකට තුවාල සිදුවී තිබේ. සැකකරු විසින් එල්ල කළ තවත් වෙඩිල්ලක් හෝටල් සේවකයෙකුටද වැදී ඇති නමුත් සීරුම් තුවාල පමණක් ලබා දිවි ගලවාගැනීමට ඔහු සමත් වී තිබේ.

ඝාතනයට යොදාගත් බව කියන ගිනි අවිය සහ සැකකරුවන් නවාතැන් ගෙන සිටි කාමරයේ ඇදක කොට්ටය යට සගවා තිබූ තවත් ගිනි අවියක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකටයුතු මෝටර් රථය සහ එහි ඇතුළත සගවා තිබූ ව්‍යාජ අංක තහඩු දෙකක්ද පොලිස් භාරයට ගැණිනි. මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් මොරටුව සහ මාතර ප‍්‍රදේශවල පදිංචිකරුවෝ බව පොලිසිය කියයි.

ඝාතනය සිදු වූ ස්ථානයට අද උදෑසන පැමිණි කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ඒ පිළිබද මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වූවාය.

ඝාතනය සිදු වූ හෝටලයrathkarawwa_1
සිද්ධියට මුල් වූ මෝටර් රථයrathkarawwa_2
වෙඩි වැදුණු පොලිස් රියදුරු කොස්තාපල්වරයාගේ නිල ඇදුම.rathkarawwa_3
කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්මින්.rathkarawwa_4 rathkarawwa_5
උප පොලිස් පරීක්ෂකවරයාට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ මූනිස්සමක්
rathkarawwa_6

 සැකකරුවෙකු වැටකට උඩින් පැනීමේදී එය බිදී ගොස් තිබූ අයුරුrathkarawwa_8

අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක තහඩුrathkarawwa_7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article