Thursday, April 25, 2024

අයවැය වැඩමුඵව ගැන කොළේ වහන්න ගිය ටිකිරි බණ්ඩා යළිත් ඇදගෙන නා ගනී !

Must read


ayg_2016_11_17_1ayg_2016_11_17

“ අඵ යට ගිනි ” හෙළිදරව්වෙන් ටිකිරි බණ්ඩට රිදිලා !

“පළාත් සභාවේ අයවැය ගැන මන්ත‍්‍රීවරුන්ට උගන්වන්න නුවරඑළියේ තරු හෝටලයකදී දෙදින වැඩමුඵවක් ”යන මැයෙන් පසුගිය නොවැම්බර් 03 වැනිදා වයඹ අඵ යට ගිනි පිටුව හරහා කළ හෙළිදරව්ව වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් ගණනාවකට සිත් වේදනා ගෙනදීමට සමත් වී තිබේ. අදාළ හෙළිදරව්ව හේතුවෙන් වැඩියෙන්ම හිත් රිදී ඇත්තේ අදාළ වැඩමුඵව සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන සිටින වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩාට බව පෙනෙයි. එම හෙළිදරව්ව ටිකිරි බණ්ඩාගේ සිත කෙතරම් රිදවා ඇතිදැයි කිවහොත් එහි සදහන් කරුණු අසත්‍ය බව කියමින් හෙතෙම මව්බිම කර්තෘවරයා වෙත ලිපියක්ද යවා තිබේ. අප හෙළිදරව්වේ සදහන් කරුණුවලින් අංශු මාත‍්‍රයක් හෝ ටිකිරි බණ්ඩාගේ ලිපියෙන් නිශේධනය නොවන නමුත් එම ලිපියෙන් ටිකිරි බණ්ඩා පිළිබදව යම් නිගමන දෙකකට එළැඹීමට හැකි බවන් නම් පෙනෙයි. එකක් නම් වයඹ ජනතාව යනු පහසුවෙන් රැවටිය හැකි තොත්ත බබාලා පිරිසක් ලෙසට ටිකිරි බණ්ඩා විසින් හදුනාගෙන සිටින බවකි. දෙවැන්න නම් තමන් හැංගි හැංගි නටන නාඩගම් පිළිබදව ජනතාව කිසිත් නොදන්නා බව හෙතෙම සිතාගෙන සිටින බවකි. පහත දැක්වෙන්නේ ටිකිරි බණ්ඩා විසින් මව්බිම කතුවරයා අමතමින් එවා ඇති ලිපියේ උපුටනයකි. “ඔබ පුවත්පතේ රජරට තීරුවේ වයඹ අඵ යට ගිනි මාතෘකාව යටතේ කුරුණෑගල අජන්ත බණ්ඩාර රත්නායක යන අය විසින් පළකරන ලද පළාත් සභාවේ අයවැය ගැන මන්ත‍්‍රීවරුන්ට උගන්වන්න නුවරඑළියේ තරු හෝටලයකදී දෙදින වැඩමුඵවක් යන මැයෙන් පළකරන ලද ප‍්‍රකාශය පිළිබදව පළාත් සභාවේ බලවත් විරෝධය ප‍්‍රකාශ කරමි. ඔබ පුවත්පතේ පළකරන ලද ප‍්‍රකාශය අසත්‍ය ප‍්‍රකාශයකි. මීට පෙරද පළාත් සභාව පිළිබද කිහිප වතාවක්ම අසත්‍ය තොරතුරු ඉහත වයඹ අඵ යට ගිනි තීරුව යටතේ පළකර තිබිණි. මෙවැනි අසත්‍ය තොරතුරු පළකිරීම තුළින් අප පළාත් සභාව පිළිබද වැරදි මතයක් ජනතාව අතර ඇතිවීමට ඉඩ ඇත. මේ පිළිබදව ඔබතුමාගේ අවධානය යොමුකර පුවත්පතේ පළකර තිබූ එම වැරදි ප‍්‍රකාශය නිවැරදි කර නැවත පළකරන ලෙසට ඉල්ලා සිටින අතර මෙවැනි අසත්‍ය තොරතුරු පුවත්පතේ පළකිරීමෙන් ඔබ පුවත්පත පිළිබදව ජනතාව තුළ ඇතිකරගෙන තිබෙන විශ්වාසය පඵදුවීමට පුඵවන. ” යැයි එම ලිපියේ සදහන් වෙයි.
බොරු දෙසාබාමින් ජනතාව රවට්ටන්නට හදන්නේ කවුරුන්දැයි ටිකිරි බණ්ඩාගේ උක්ත ලිපියෙන්ම මනාව පැහැදිලිය. අදාළ වැඩමුඵව පිළිබද අප විසින් හෙළිදරව් කරන්නට යෙදුනේ හිතඵවක් වශයෙන් නොව පිළිගත හැකි සාක්ෂි සහිතවමය. අදාල හෙළිදරව්වවට පාදක වූයේ අන් කිසවක් නොව සභාපති ටිකිරි බණ්ඩාම මුලසුන දැරූ කාරක සභාවකදී ගත් තීන්දුවකි. තමන් විසින්ම ගත් තීරණය පිළිබදව ටිකිරි බණ්ඩාගේ මතකයෙන් මේ වනවිට ගිලිහී ගොස් ඇති බවක් පෙනෙන බැවින් වයඹ පළාත් සභාවේ සභා කටයුතු කාර්යාලයෙන් නිකුත් කරන ලද 2016 ඔක්තෝම්බර් 26 වැනිදා රැස් වූ වයඹ පළාත් සභාවේ සභා කටයුතු කාරක සභාවේ ලිඛිත වාර්තාව මෙම ලිපිය සමග පළකෙරෙන්නේ සභාපතිවරයාගේ මතකය අලුත් කරනු පිණිස මෙන්ම බොරු කියන්නේ ජනමාධ්‍යද එසේත් නැත්නම් ටිකිරි බණ්ඩාදැයි විනිශ්චය කිරීමේ අවස්ථාවක් වයඹ ජනතාව වෙතද ලබාදෙනු පිණිසය. උක්ත වාර්තාවේ විෂය අංක 10.3 යටතේ සදහන්ව ඇත්තේ 2017 වර්ෂයට යෝජිත සංවර්ධන සැලසුම් පිළිබදව පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ යෝජනා, අදහස් ලබාගැනීම වෙනුවෙන් දෙදින වැඩමුඵවක් දෙසැම්බර් 01 සහ 02 යන දිනවලදී පවත්වන්නට 2016 ඔක්තෝම්බර් 26 වැනිදා රැස් වූ වයඹ පළාත් සභාවේ සභා කටයුතු කාරක සභාව විසින් තීරණය කළ බවය. උක්ත වැඩමුඵව “පළාතෙන් බැහැර ස්ථානයකදී ” පැවැත්වීම සදහා කටයුතු කාරක සභාවේදී තීරණය වූ බවත්, ඒ සදහා වැය වන මුදල පළාත් භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් සභා ලේකම්වරිය වෙත උපදෙස් දුන් බවත් එම වාර්තාවෙහි සදහන්ය. අප මුල් අනාවරණය සිදුකලේ මෙම වාර්තාව මූලාශ‍්‍රය කරගනිමිනි. අදාළ ප‍්‍රවෘත්තියේ පළවීමෙන් පසුව එහි ඇතුළත් කරුණු ප‍්‍රතික්ෂේප කරමින් ටිකිරි බණ්ඩා මව්බිම වෙත ලිපියක් ලියන්නේ සිහි බුද්ධියෙන්දැයි ඒ අනුව මතුවන්නේ සාධාරණ සැකයකි. මක්නිසාදයත් ඔහු මේ නැතැයි කියන්නේත්, අසත්‍යයැයි කියන්නේත් ඔහුගේම සභාපතිත්වයෙන් යුතු වයඹ පළාත් සභාවේ සභා කටයුතු කාරක සභාව විසින් ඒකමතිකව අනුමත කරගත් තීරණයකි. එබැවින් අදාල පුවත නිවැරදි කිරීමක් සහිතව නැවත පළකරන්නැයි ඉල්ලන ටිකිරි බණ්ඩාගේ ඉල්ලීමට මෙලෙස ප‍්‍රතිචාර දැක්වීම සුදුසුයැයි ලියුම්කරු කල්පනා කරයි.

එකක් කඩතොඵ වසාගන්නට ගොස් සියක් කඩතොඵ හදාගත්තයි ඉදුරුවේ ආචාරියා කීවාක් මෙන් අප විසින් කරන ලද හෙලිදරව්වක්, ලිඛිත සාක්ෂිද සමග ජනතාව හමුවේ යළි සනාථ කිරීමට අවස්ථාව උදාකරදීම පිළිබදව ටිකිරි බණ්ඩා වෙත ලියුම්කරුගේ කෘතඥතාවයද පළවෙයි. යම් හෙයකින් නැවත වරක් මව්බිම වෙත ලිපියක් එවන්නට ටිකිරි බණ්ඩා කල්පනා කරයි නම් මෙවර ලිපියෙන් ඔහු විසින් මගහැර ගොස් ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමක් කර එවනු පිණිස ප‍්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමටද ලියුම්කරු කල්පනා කරයි. එනම්, දෙසැම්බර් 01 සහ 02 යන දිනවලදී පළාතෙන් බැහැර ස්ථානයකදී මන්ත‍්‍රී වැඩමුඵවක් පැවැත්වීම සදහා 2016 ඔක්තෝම්බර් 27 වැනිදා රැස් වූ සභා කටයුතු කාරක සභාවේදී තීන්දුවකට එළැඹියේම නැතිද ?, එසේනම් වයඹ පළාත් සභාවේ ලේකම් පද්මිණී කාරියවසම්ගේ අත්සනින් යුතුව 2016 ඔක්තෝම්බර් 28 වැනිදා දාතමින් යුතුව වයඹ සභා ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ ඉහත දැක්වෙන වාර්තාව ව්‍යාජ ලියැවිල්ලක්ද ? පසුගිය වසරේදීත් සීගිරියේ පිහිටි තරු පන්තියේ හෝටලයකදී මෙවැනිම වැඩමුඵවක් පවත්වා මහජන මුදලින් රුපියල් ලක්ෂ ගණනක් කාබාසිනියා කළේ නැතිද ? එක්තරා පුද්ගලයෙකු ඔහුගේ අඹු දරුවන් පවා එම වැඩමුඵවට පැවැති හෝටලයට කැදවාගෙන ගොස් තිබුණේ අයවැය පිළිබදව දැනුම ලබාදීමටද ? සුවිසල් ධනස්කන්ධයක් යොදවා නේවාසික පහසුකම්ද සහිතව ඉදිකර ඇති වයඹ පළාත් සභාවේ මහගෙදර නිවාඩු නිකේතනය, වාරියපොළ වයඹ පුහුණු ආයතනය මෙන්ම අතිනවීන පහසුකම් සහිත පළාත් සභා ශ‍්‍රවණාගාරය පවා මෙම වැඩමුඵව පැවැත්වීම පිණිස නුසුදුසු තැන් බවට පත්වූයේ කෙසේද සහ මෙම වැඩමුඵව විදෙස් සංචාරය අහිමි වූ මන්ත‍්‍රීවරුන් සැනසීමේ අරමුණෙන් යුතුව සහ ඇතැම් අමාත්‍යංශ වැය ශීර්ෂයන් පිළිබදව අයවැය විවාදයේදී ඡන්දය ප‍්‍රකාශකිරීමෙන් වැළැකී සිටින බවට අනතුරු අගවමින් සිටින මන්ත‍්‍රීවරුන් නම්මාවා ගැනීම පිණිස සැලසුම් කරන හුදු රැවටිල්ලක් නොවන්නේද යන ප‍්‍රශ්න කිහිපයටද පිළිතුරු සපයමින් නැවත ලිපියක් එවන්නේ නම් මැනවි.

කැරළි ගහන්න ගිහින් පාසලෙන් දොට්ට වැටුණු හැටි ආරක්ෂක ලේකම් හෙළිකරයි !

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික පා ගමන පැවැත්වුණේ පසුගිය සෙනසුරාදාය. පා ගමන සදහා එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගායන ශිල්පි චන්දන ලියනාරච්චි ඇතුලු ආදි සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. කුලියාපිටිය මැදි විදුහල් භූමියෙන් ආරම්භ වූ පාගමන කුලියාපිටිය නගරය දක්වා ගමන් කළ අතර අකිල සහ ලේකම් කරුණාසේනද පා ගමනේ ආරම්භයට එක්වූහ. පා ගමනට පෙර විදුහල් භූමියේදී කෙටි උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහිදී ඇමැති අකිලට මෙන්ම ආරක්ෂක ලේකම්වරයාටද කතාවක් ලැබී තිබිණි. සිය පාසල් ජීවිතය පිළිබද මෙතෙක් හෙළි වී නොතිබූ සිදුවීම් කිහිපයක්ද හෙළිකරමින් ආරක්ෂක ලේකම්වරයා කතාකළේය. “මම අද මෙතැන විශේෂ කතාවක් කරන්න සූදානමක් තිබුණේ නැහැ. නමුත් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ කියන්නේ මගේ පුද්ගලික ජීවිතයේදී මෙන්ම අධ්‍යාපනික අතිනුත් වැදගත් සන්දිස්ථානයක්. මම මේ විද්‍යාලයට ආවේ 1969 යේ. මේ පිට්ටනියත් මට බොහොම හුරුපුරුදු තැනක්. ඒ දවස්වල අපි මේ පිට්ටනියේ ක‍්‍රිකට් ගහනකොට ගර්ල් හොස්ටල් එකේ හිටපු ගර්ස්ලා අපිට චියර් කරනවා. ක‍්‍රිකට් ටීම් එකේ හැමෝටම ගෑණු ළමයින්ගේ නම් ඈදලා නම් හදලා තිබුණා. ඒක හොද වැඩක් නොවුනත් ඒ කාලේ තරුණයෝ විදිහට එහෙම නම් හැදිලා තිබුණා. ඒ වගේම මගේ නෝනව මට හම්බ වුනෙත් මේ ඉස්කෝලේදී. එයා මීගමුවේ නිව්ස්ටඩ් කොන්වන්ට් එකේ ඉදන් ක‍්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබිලා මෙහාට ආවා. මේ පිට්ටනියේදී තමයි අපේ ජීවන ගමන ආරම්භ වුණේ. මම මේ හොද ආදර්ශයක් නම් නෙවෙයි ශිෂ්‍යයින්ට දෙන්නේ.”යැයි ආරක්ෂක ලේකම්වරයා කියද්දී සභාව සිනාසයුරේ ගිලී ගියේය. “මම මේවා කියන්නේ එවැනි දේවල්වලින් පවා මිනිස්සු පන්නරය ලබනවා කියලා කල්පනා කරන නිසයි. අත්දැකීම් තුළින් ශිෂ්‍යයින්ට පන්නරය ලැබෙනවා. ඊට පස්සේ මේ විද්‍යාලයේ ලොකු ස්ට‍්‍රයික් එකක් තිබුණා. අපිත් ඉතිං ඒකේ නායකයෝ තමයි. පහුගිය දවසක නැතිවෙලා ගිය සින්දුපෙරුම කියලා ලෝයර් කෙනෙක් එහෙම එකතුවෙලා කණ්ඩායමක් හදාගෙන අපි ස්ට‍්‍රයික් එකක් කළා. එකේ ප‍්‍රතිඵලයක් විදිහට අපිව පාසලෙන් නෙරපුවා. ඉතිං ඒ පාර වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට ගිහින් තමයි එතැනින් තමයි විශ්ව විද්‍යාලයට යන්න පුලුවන් වුණේ. ඕක තමයි මගේ අතීත කතාව. ”ආරක්ෂක ලේකම්වරයා කීය.

මහ ඇමැති පොරොන්දු ඉටු කරයි.

තම විදුහල සදහා ගුරුවරුන් ලබාදෙන්නැයි ඉල්ලා වයඹ පළාත් සභා සංකීර්ණයට ඇතුලු වී උද්ඝෝෂණයක යෙදුණු වනාතවිල්ලුව, මොනරවැව විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකට මහ ඇමැති ධර්මසිරි දසනායක විසින් තමන්ගේ පුද්ගලික වියදමින් දිවා ආහාරය සැපයීමේ පුවතක් පසුගිය ඔක්තෝම්බර් 27 වැනිදා මෙම පිටුවේ පළවිය. දිවා ආහාරය සැපයීමට මෙන්ම සතියක් ඇතුලත ගුරු ප‍්‍රශ්නයට විසදුමක් ලබාදෙන බවටද ධර්මසිරි විසින් එදින මොනරවැවෙන් පැමිණි දරුවන්ට සහ මව්පියන්ට පොරොන්දු විය. ධර්මසිරි විසින් එම පොරොන්දුව ඉටුකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේදී නව ගුරුවරුන් දෙදෙනෙකු මොනරවැව පාසලේ වැඩ භාරගෙන තිබිණි. තමන් කලක් තිස්සේ පීඩා විදි ගැටඵවට විසදුමක් ලබාදීමට මෙන්ම තම දරුවන්ගේ කුසගිනි නිවන්නට ඉදිරිපත් වූ මහඇමැති ධර්මසිරි වෙනුවෙන් තුති පිදීමේ උත්සවයක් මොනරවැව විදුහලේ මව්පියන් විසින් පසුගිය සිකුරාදා එම විද්‍යාලයේදී සංවිධානය කර තිබිණි. උත්සවය ආරම්භවන බව ධර්මසිරිට දැනුම්දී තිබුණේ පෙරවරු 9.30 ට වූ බැවින් නියමිත වේලාවටම ධර්මසිරි මොනරවැව විදුහලේ ගේට්ටුව ඉදිරිපිටින් බැසගත්තේය. ධර්මසිරි ප‍්‍රධාන ශාලාව වෙත කැදවාගෙන යාමෙන් පසුව උත්සවය ආරම්භ විය. “මට මෙහෙන් ඡන්ද වැටෙන්නේ නැහැ. මොකද මම ඡන්දේ ඉල්ලන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන්. මෙහාට ගුරුවරු දුන්නා කියලා පුත්තලමේ ඔබතුමාලගෙන් මට මනාප ගන්න විදිහක් නැහැ. නමුත් මම ඔබතුමාලගේ ගැටලුවට මැදිහත්වුණේ ඡන්දයක් බලාගෙන නෙවෙයි. මම කුරුණෑගලට විතරක් නෙවෙයි වයඹ පළාතටම මහ ඇමැතිවරයා. පළාතේ මහ ඇමැතිවරයා විදිහට මම මගේ වගකීම ඉටු කළ එක පමණයි මම කළේ.” ධර්මසිරි උත්සවය අමතමින් කීය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 නොවැම්බර් 17 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article