Tuesday, April 23, 2024

කෙලින් ඉන්න බැරි තරමට සූර් වී මහ පාර මැද නිදාගත්තාට 16000 ක් දඩ !

Must read

drunk_driverඅධික ලෙස බීමත්ව, කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ දීගල්ල මංසන්ධියේ මහ පාර මැද නිදාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රියදුරෙකුට රුපියල් 16000 ක දඩයක් නියමකළ කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා එම දඩ මුදලට අමතරව බරපතල වැඩ සහිත මාස තුනක අත්හිටවූ සිරදඩුවමක්ද විත්තිකරුට නියම කළේය.

මෙලෙස දඩ සහ අත්හිටවූ සිර දඩුවම් නියමවුයේ කුලියාපිටියේ මාළු වෙළඳසලක සේවකයෙකුටය.

රියදුරු බලපත්‍රය,ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම, අංක තහඩු නොමැතිව ධාවනයේ යෙදීම, බීමතින් රිය පැදවීම ඇතුලු චෝදනා කිහිපයකටම විත්තිකරු අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබීය.

මාර්ගය අවහිර වන අයුරින් යතුරු පැදිය මාර්ගය මැද නවතා, ඒ මත දෙකකුල් රදවාගෙන මහපාර මැද නිදාගෙන සිටි සැකකරු පිළිබදව මාර්ගයේ ගමන් ගත් රියදුරන් විසින් කුලියාපිටිය පොලිසියට කළ දැනුම්දීමකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් පියවි සිහිය නොමැති වන තරමට බීමතින් සිටි සැකකරු විසින් අඩක් හිස් කළ තවත් මත්පැන් බෝතලයක් ඉණෙහි සගවාගෙන සිටියදී සොයාගත් බවද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්ගය මැද නිදා සිටි අයුරු පහත ඡායාරූපවල දැක්වෙයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍රdrunk_driver_2 drunk_driver_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article