Wednesday, April 24, 2024

‘‘ඇමැතිකම බරක් නම් නාහෙන් අඩන්නේ නැතිව ඉල්ලා අස්වෙන්න .’’ වයඹ ප්‍රවාහන ඇමැතිට යෝජනාවක් !

Must read

bus_press_1පළාත් ප‍්‍රවාහන අමාත්‍යංශයේ වගකීම දැරීමට තමන් අසමත් බව වයඹ පළාත් ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇති බැවින්, ඔහු දැන් කළ යුත්තේ එම අමාත්‍යංශය කාට හෝ භාරගන්නැයි කියමින් නාහෙන් ඇඞීම නොව ඇමැති තනතුරින් ඉල්ලා අස්වීම බව සමස්ත ලංකා පුද්ගලික බස් රථ ධාවකයින්ගේ සමාගම් සම්මේලනයේ සභාපති රූබන් සිල්වා මහතා පැවසීය.

සභාපතිවරයා මේ බව පැවසුවේ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය ‘‘කුණු කන්දලමක් ’’ බවත්, එම අධිකාරිය භාරගන්නා ලෙසටත් වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලමින් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා නොවැම්බර් 01 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී කළ ප‍්‍රකාශයක් පිළිබදව ප‍්‍රතිචාර දැක්වීම සදහා පුද්ගලික බස් හිමියන් විසින් කුරුණෑගලදී කැදවා තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රූබන් සිල්වා මහතා මෙසේද පැවසීය.

‘‘වයඹ පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය කුණු කන්දලමක් කියලා විෂය භාර දෙහිගම ඇමැතිතුමා පසුගිය දවසක පළාත් සභා රැස්වීමේදී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරනවා. ඇමැතිතුමා එහෙම කියද්දි මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරිය කුණු කන්දලමක් කළේ කවුද කියලා බස් හිමියෝ විදිහට අපිටත් අහන්න වෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. අතුල විජේසිංහ මහත්තයා මේ ඇමැතිකම කරන කාලේ මාර්ග බලපත‍්‍ර ටෙන්ඩර් කිරීමේ ක‍්‍රමයක් හදුන්වලා දීලා තිබුණා. බස් හිමියන් වශයෙන් අපි ඒකට අකමැති වුනත් ඒ හරහා රජයට විශාල ආදායමක් ලැබුණා. නමුත් ගුණදාස දෙහිගම ඇමැතිතුමා අධිකාරිය භාර අරගෙන එයාගේ බෑණා සභාපති පුටුවේ වාඩිකරවපු ගමන් ඒ ටෙන්ඩර් ක‍්‍රමය අහෝසි කළා. අන්න එතැන තමයි කුණු කන්ද පටන් ගත්තු තැන. ඇමැතිතුමාගේ බෑණා සභාපති පුටුවෙන් අයින්වෙලා ගිය ගමන් ටෙන්ඩර් ක‍්‍රමය නැවත පටන්ගත්තා. ඒ නිසා මේ කුණු කන්දලමේ අයිතිකාරයා වෙන කවුරුවත් නෙවෙයි දෙහිගම ඇමැතිතුමාම බව ඉතාම පැහැදිලියි. මම කියන මේ දේවල් බොරු නම් එතුමාට පුලුවන් මට විරුද්ධව නඩු දාන්න. අපි ලෑස්තියි ඕනෑම උසාවියක මේ දේවල් ඔප්පු කරලා පෙන්වන්න.

දැන් එතුමා හැමෝටම කිය කියා මේ කුණු කන්දලම භාරගන්න කියලා. එතුමාට මේක කරගන්න බැහැ කියනවා නම් කරන්න තියෙන හොදම දේ ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන එකයි. එතුමා ඉල්ලා අස්වුණාම කරන්න පුලුවන් කෙනෙක් මේක භාරගන්නේ නැතැයි. මට මේක කරගන්න බැහැ කියලා එතුමාම පිළිගන්නවා නම්, කවුරුවත් ඒක භාරගන්න ඉදිරිපත් වෙන්නෙත් නැත්නම් කරන්න තියෙන එකම දේ ඕන කෙනෙක් භාරගනිල්ලා කියලා ඇමැතිකමින් ඉල්ලලා අස්වෙන එකයි. මගී ප‍්‍රවාහන අධිකාරියේ වැඩ ටික එතුමාට කරගන්න බැරි වුණාට වැඩ කරන්න පුලුවන් ඕන තරම් මිනිස්සු පළාත් සභාවේ ඉන්නවා. නමුත් එතුමා ඔය කියන විදිහට මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය දාලා යන්නේ නැති බව අපිට විශ්වාසයි. ’’යැයි පැවසීය. bus_press_2 bus_press_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article