Thursday, April 25, 2024

ලංගම නිවාඩු අවලංගුයි !

Must read

ctbදෙසැම්බර් 01 වන දා සිට සතියක කාලයක් ලංගම රියදුරු, කොන්දොස්තර, කාර්මික යන කේෂත්‍රයන්හි නියුතු සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එසේම ප්‍රවාහන සේවයේ ඇති විය හැකි හදිසි වර්ජන අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ධාවනය කරවන ලබන 5300ක් වු බස් රථ සංඛ්‍යාව 6000ක් දක්වා වැඩිකොට ධාවනය සදහා යෙදවීමටද කටයුතු කර තිබේ.

පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකදි අමාත්‍යවරයා විසින් සභාපතිවරයාට මේ සම්බන්ධව උපදෙස් ලබා දී ඇත.

දෙසැම්බර් 06  දින ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ගේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්  හා දුරගමන් සේවා පිළිබද සැලකිල්ලට ගනිමින්  මෙම බස්රථ සේවාවන් වැඩි වශයෙන් යෙදවීමට තීරණය කර ඇත.

එමෙන්ම බස්රථවල සහ සේවකයින්ගේ ආරක්ෂාව පිළිබද වැඩ පිළිවෙලක් සැකසීම පිළිබදව ලංගම සභාපතිවරයා නියෝජිත පොලිස්පතිවරයා (රථවාහන)  සමග සාකච්ඡාවක් කර ඇති අතර සියළු බස් රථ ගමනාන්තයේ ඇති පොලිස් ස්ථානවල ගාල් කිරිමටද කටයුතු යොදා ඇත.

(ශ්‍රිලංකා මිරර්)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article